News Line| Off Air| Games
Generic placeholder image

Jul
13

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කිරීමේ සූදානමක්.

5210 Views


ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කිරීමේ සූදානමක්.

ගාලු කොටු පවුර ආරක්ෂා කර ගන්න ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කරන්න සූදානම් වෙනවා කියලා සියත 24 වෙත ආරංචි වුණා. මේකට හේතුව වෙලා තියෙන්නේ ලෝක උරුමයක් වුන ගාලු කොටුවේ ඉඳලා කිසිම අනවසර ඉදිකිරිමක් තියෙන්නේ බැරි වීම.

ගාලු කොටුව සහ ඒ ආශ්‍රිත රක්ෂිත ප්‍රදේශය ගාලු උරුමය පදනම යටතේ තමයි තියෙන්නේ. ගාලු උරුමය පදනම වත්මනයේදී තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ, සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයට ගැසට් මගින් පවරලා දීලා තියෙනවා. ගාලු උරුමය පදනම විසින් ගාලු කොටුව සංරක්ෂණය කර මතුපරපුර වෙනුවෙන් ආරක්ෂා කරන්න වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරලා තියෙනවා.

ගාලු කොටුව තුල පවතින රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන 14 ක් ගාලු කොටුව පරිශ්‍රයෙන් ඉවත් කරන්න ගාලු කොටුව සංවර්ධන සැලැස්ම පිලිබඳ සාකච්ඡාවේදී තීරණය කරලා තියෙනවා. එම ආයතන වල ගාල්ල අවට සුදුසු ස්ථාන ලබාදීමට වැඩසටහනක් සකස් කරලා තියෙනවා කියලා වජිර අබේවර්ධන අමාත්‍යවරයා සඳහන් කරා.

එම ආයතන 14 හැරුනම ගාලු කොටුව පරිශ්‍රයෙන් බැහැර ලෝක උරුම ආරක්‍ෂිත ප්‍රදේශයට අයිති මීටර් 400 ක භූමි ප්‍රමාණය ප්‍රදේශයේ තියෙන අනවසර ඉදිකිරීම් ඉවත් කරන්නත් මේ සාකච්ඡාවේදී තීරණය වුණා. ඒ අනුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයත් ඉවත් කරන්න සිද්ධ වෙනවා.

එහෙම නැති වුනොත් ගාලු කොටුව ලෝක උරුමයට බාධාවක් වෙනවා කියලයි ගාලු උරුමය පදනම අනාවරණය කරන්නේ.

ගාලු කොටුව ආසන්නයේ පිහිටි ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීමේදී එවකට තිබ්බ රජය කිසිම අවසරයක් අරගෙන නෑ කියලා අනාවරණය වෙනවා. සාමන්‍යයෙන් ගාලු කොටුව සහ ඊට අයත් භූමි තුල ඉදිකිරීමක් කරද්දී ගාලු කොටුව පදනම මඟින් නිසි අවසරය ලබා ගන්න ඕන. ඊට අමතරව ගාල්ල මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන කිහිපයකින්ම අවසර ගන්න වෙනවා.

අවසර නැති ගොඩනැගිලි සහ ඉදිකිරීම් ඉවත්කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගනු ලබන පියවර මොනවද කියලා ලිඛිතව යුනෙස්කෝව වෙත දන්වන්න ඕන. 2019 වර්ෂයේ දෙසැම්බර් මාසයට කලින් සමස්ත වැඩසටහන පිලිබඳ පුළුල් වාර්තාවක් යුනෙස්කෝවට යවන්න ඕන. ඒ කාලය ඇතුලත ගාලු කොටුව ආශ්‍රිත අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම ගැන ප්‍රායෝගික වැඩසටහනක් ක්‍රියාවට නංවන්න ලංකාවට බැරි වුනොත් යුනෙස්කෝව ගාලු කොටුව ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවදානමකට ලක් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post