News Line| Off Air| Games
Generic placeholder image

Oct
5

”අපිට සංස්කෘතියට පටහැනි විදියට අඳින්න පලඳින්න වෙනවා” – ඕෂධී හිමාෂා

720 Views


”අපිට සංස්කෘතියට පටහැනි විදියට අඳින්න පලඳින්න වෙනවා” – ඕෂධී හිමාෂා

ඕෂධී හිමාශා කියන්නෙ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපිකාවක් කියලා අපි හැමෝම දන්නවනෙ. ඕෂධීගෙ ජීවිතෙන් කවුද ඈත් වෙලලු.

ඕෂධී නිදහසේ ඉන්නවා නේද?

මේ දවස්වල නම් ලොකුවට කාර්යබහුල නෑ. වැඩ ටික කරගෙන සතුටින් ඉන්නවා.

ඕෂධී වැඩියෙන් කාලයක් ගෙවන්නෙ නිරූපනය එක්කද ? රංගනය එක්කද?

මම මුලින්ම එන්නෙ නිරූපිකාවක් විදිහට.ඒ නිසා නිරූපන කටයුතු වලට වැඩියෙන් අවධානය දෙනවා. ඒ අතරෙ හොද නිර්මාණ ලැබුණොත් සලකලා බලනවා.

පුංචි තිරයට ආරාධනා එහෙම ලැබුණෙ නැද්ද?

පුංචි තිරයට ගොඩක් ආරාධනා ලැබුණා. ඒත් නිදහසට ඒක ලොකු බාධාවක් නිසා ඒ නිර්මාණ බාර ගත්තෙ නෑ.

ඒ කියන්නෙ හැමදේටම වඩා නිදහස වැදගත්ද?

මට එක දිගට වැඩ කරන්න අමාරුයි. වැඩ ඔක්කොම පටලගත්තොත් එකක්වත් හරියට කරන්න හම්බෙන්නෙ නෑ. මගේ රූපෙ නිසයි මගෙ ජොබ් එක රැකිලා තියෙන්නෙ. ඒ නිසා ලොකුවට මහන්සි වෙන්න මම කැමති නෑ. වැඩියෙන් මහන්සි වුණොත් ඒක මූණෙන් පේනවා.

නිරූපන ක්ෂේත්‍රයේ ගොඩක් අයට තියෙන්නෙ එච්චර හොඳ ප්‍රතිරූපයක් නෙවෙයි. ඔබට ඒ වගේ ප්‍රශ්න ආවෙ නැද්ද?

මම හදාගෙන තියෙන නම එක්ක මට වැඩ ලැබෙනවා. අද වෙනකොට පදුරකට පයින් ගැහුවත් මොඩ්ලර්ස්ලා ගොඩක් විසික් වෙනවා. ඒක නිසා මේ වෘත්තිය බාල වෙලා තියෙන්නෙ. ඒ ගැන කලකිරීමකුත් තියෙනවා.

වයසට යනකොට වැඩ අඩුවෙන්න පුළුවන්. ඒ නිසා තියෙන වැඩ පුළුවන් විදිහට කරගෙන ඉන්නවා.

මේ වගේ ක්ෂේත්‍රයක ඉන්නකොට අයුතු යෝජනා ලැබෙනවා වැඩියි.ඕෂධීට එහෙම ප්‍රශ්න ඇවිත් නැද්ද?

රූපය ලස්සන වුණාම ඕනම වෘත්තියක ගෑනු ලමයිට එහෙම දේවල් එනවා.  නිරූපිකාවන්ට , රංගන ශිල්පීන්ට ඒ වගේ දේවල් ලැබෙනවා වැඩියි.  මට නම් ඒ වගේ යෝජනා ඩිරෙක්ට් ඇවොත් නැහැ තාම.

ඕෂධීට මේ වෙනකන් ලැබුණ දේවල් ගැන සතුටුද?

අනිවාර්යෙන්ම. මට වැඩිපුර ලැබුණෙ ප්‍රේක්ෂක ආදරය. ඒ ගැන ඇත්තටම සතුටුයි.

ලැබීම් වගේම නොලැබීම් ඇති නේද ජීවිතේ?

ඔව්. ඒත් මම ඒ දේවල් ගැන හිතන්නෙ නැහැ. හැමදේම වෙන්නෙ හොදට.

ඕෂධීගෙ ලගින්ම හිටපු කෙනා ඈත් වෙලා කියන්නෙ ඇත්තද?

ඕනම පවුලක ඔහොම ප්‍රශ්න තියෙනවා. ඒ නිස ඔය ගැන ඊට වඩා කතා කරන්න මම කැමති නැහැ

මොනවද ඉස්සරහට තියෙන බලාපොරොත්තු?

මට ලොකු ලොකු බලාපොරොත්තු නැහැ මම සල්ලි පස්සෙ යන්නෙත් නැහැ. ඉන්නකන් සතුටින් ඉන්නවා. ඒ එක්කම ව්‍යාපාරයක් පටන් ගන්නත් හිතාගෙන ඉන්නවා.


News Articles
Latest Videos
Most Popular Post