News Line| Off Air| Games
Generic placeholder image

Oct
9

කැදැල්ලට එන අලුත් අමුත්තා ගැන උපේඛා නිර්මාණි පළවෙනි වරට මාධ්‍යට කියපු කතාව

1365 Views


කැදැල්ලට එන අලුත් අමුත්තා ගැන උපේඛා නිර්මාණි පළවෙනි වරට මාධ්‍යට කියපු කතාව

උපේඛා නිර්මාණි කියන්නෙ රටම දන්න ගායිකාවක්. උපේඛගෙ ජීවිතේ අලුත් දෙයක් ලගඳිම වෙන්න යනවා. මේ ඒ ගැන උපේඛා කියපු කතාවයි.

කොහොමද ඉතිං ජීවිතේ?

මේ දවස් වල නම් විවේකයෙන් කාලය ගත කරනවා. තිලිණගෙයි අපෙයි ගෙවල් දෙකෙන්ම ලැබෙන ආදරේ එක්ක සතුටින් ඉන්නවා.

අලුත් අමුත්තා ගෙදරට එන්න තව කොච්චර කල් තියෙනවද?

තව මාස දෙකක් වගේ තියෙනවා.

ඔයාගෙ පළවෙනි දරුවා දුවෙක්ද පුතෙක්ද?

දුවෙක් වුණත් පුතෙක් වුණත් මට කමක් නෑ. තිලිණ නම් මුල ඉදලම ආසාවෙන් හිටියෙ පුතෙක්ට. අපිට ලැබෙන්න ඉන්නෙ දැන් පුතෙක්.

උපේඛගෙ තාත්තා ජොලි සීයා රටේ ජනප්‍රිය ගායකයෙක්. සීයා කෙනෙක් වෙන්න යන එක ගැන ප්‍රතිචාර කොහොමද?

මගේ අක්කත් මේ දවස්වල සූදානම් වෙලා ඉන්නෙ එයාලගෙ කැදැල්ලට අලුත් අමුත්තෙක් එක්කගෙන එන්න. ඒ නිසා තාත්තට ඉක්මනට මුනුපුරන් දෙන්නෙක්ම බලාගන්න පුළුවන්. හැබැයි මුලින්ම බලන්න වෙන්නෙ මගේ පුතාව තමයි. අක්කගෙ බබාව දකින්න හම්බවෙන්නෙ ඊට පස්සෙ.

අම්මා කෙනෙක් වෙන නිසා උපේඛා දැන් සංගීත වැඩ වලින් ඈත් වෙලාද ඉන්නෙ?

ප්‍රසංග වේදිකාවට නම් යන්නෙ නැහැ. අලුත් සිංදුවක් නම් ළඟදි කළා. ”මතකෙට අරං ඔබ සුවඳ” කියන ඒ සිංදුව ලිව්වේ ගිහාන් අනුෂ්ක . සංගීතය හෂාන් ගෙ.

රූප රචනයක් එක්කාලුත් සිංදුවක් කරන්න තව ගොඩක් කල් අපිට බලාගෙන ඉන්න වෙයිද?

නැහැ නැහැ..තව සති දෙකකින් වගේ අලුත් සිංදුවක් කරනවා. තව මාස දෙකකට විතර පස්සෙ ඒ සිංදුවෙ රූප රචනාවක් කරන්න ඉන්නෙ. ඒක ටිකක් විශේෂ ගීතයක්.

මොකක්ද ඒ විශේෂත්වය?

ඒක අපේ පුතා ගැන ලියවුණ ගීතයක්. කලණි නදීෂා තමයි ඒ සිංදුව ලිව්වේ. සංගීතය චතුරංග සිල්වා ගෙ.

රූප රචනයට මාස දෙකක් කල් ගන්නෙ ඇයි?

ඒ රූප රචනයට අපේ පුතත් ඉන්නවා. ඒ වගේම තිලිණත් ඉන්නවා. අපි තුන්දෙනාම ඉන්න අපේ පුතා ගැන ගීතයක් නිසයි මේ ගීතය විශේෂයි කිව්වෙ. පුතා ඉපදුණාට පස්සෙ තමයි ඒ රූප රචනාව කරන්නෙ.


News Articles
Latest Videos
Most Popular Post