News Line| Off Air| Games
Generic placeholder image

Aug
17

පුංචි එංගලන්තයේ ස්ට්‍රෝබෙරි සැණකෙළියට සියල්ල සුදානම්. ලොකුම ස්ට්‍රෝබෙරි පිට්සා එක හැදෙන හැටි මෙන්න. – Photo

1073 Views


පුංචි එංගලන්තයේ ස්ට්‍රෝබෙරි සැණකෙළියට සියල්ල සුදානම්. ලොකුම ස්ට්‍රෝබෙරි පිට්සා එක හැදෙන හැටි මෙන්න. – Photo

පුංචි එංගලන්තයේ කාලෙන් කාලෙට එක එක සැණකෙළි පැවැත්වෙනවා. හැබැයි මේ කියන්න යන්නේ ඒ සියලු සැණකෙළි සැණකෙළිය ගැන. ඒ තමයි නුවරඑළිය Grand Hotel සංවිධානය කරන Grand Strawberry Fest 2018.

අද ඉඳන් දවස් 10 ක් ස්ට්‍රෝබෙරි සුවඳින්, රසයෙන් මුළු නුවරඑළියම වැහිලා යනවා. ලෝකේ ලොකුම ස්ට්‍රෝබෙරි ඩෙසට් පීසා එක නුවරඑළිය Grand Hotel එකේ අද හදනවා. මේ දැවැන්ත ස්ට්‍රෝබෙරි පීසා එක අඩි 25 ක් දිගයි. අඟල් 6 ක් ඝනකමයි. කිලෝග්රෑම් 1400 ක් බරයි.

මෙච්චර ලොකු පීසා එකක්. මේ දැන්ම ඔබත් නුවරඑළිය Grand Hotel එකට ගියොත් ඒ රසම රස ලෝකේ ලොකුම ස්ට්‍රෝබෙරි ඩෙසට් පීසා එකේ රස බලන්න ඔබටත් පුළුවන්. එතනට ගිහින් ඉන්න සියත 24 කණ්ඩායම කිව්වේ මේ වෙද්දීත් ලහි ලහියේ පීසා එක හදන වැඩ ආරම්භ කරලා කියලා.

නුවරඑළියම වසා ගත්ත Grand Strawberry Fest 2018 සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ සියත FM, සියත TV. ඒ වගේම ඩිජිටල් මාධ්‍ය අනුග්‍රහය සියත 24 ලබා දෙනවා.

දුර පළාත්වල ඉන්න පිටරට ඉන්න සමහර අයට මේ හදිසියේ නුවරඑළියට එන්න බැරි වෙයිනෙ. හැබැයි දුක් වෙන්න එපා. සියත FM Facebook Page එක හරහා මේ සුපිරි අත්දැකීම සජීවීව ඔබට ගෙන එන්න සියත 24 කණ්ඩායම සූදානමින් ඉන්නවා.

මේ තියෙන්නේ නුවරඑලිය Grand Hotel එකේ චෙෆ්ලා කට්ටිය ලෝකේ ලොකුම ස්ට්‍රෝබෙරි ඩෙසට් පීසා එක හදන හැටි.


News Articles
Latest Videos
Most Popular Post