News Line| Off Air| Games
Generic placeholder image

Aug
14

ලංකාවේ One & Only ස්ට්‍රෝබෙරි සැණකෙළිය. කන්න, බොන්න, විනෝද වෙන්න, ඔබත් නුවරඑළියට එන්න.

1516 Views


ලංකාවේ One & Only ස්ට්‍රෝබෙරි සැණකෙළිය. කන්න, බොන්න, විනෝද වෙන්න, ඔබත් නුවරඑළියට එන්න.

කාලෙන් කාලෙට නුවරඑළියේ විවිධ සැණකෙළි පැවැත්වෙනවා. ඒ සැණකෙළි සිරි විඳගන්න නොගිය කෙනෙක් නැතුව ඇති. හැබැයි මේ කියන්න යන්නේ ඒ සියලුම සැණකෙළි පරදන නුවරඑළියේ අලුත්ම සැණකෙළිය ගැන.

ඒ තමයි ස්ට්‍රෝබෙරි සුවඳින් සහ රසයෙන් මුළු නුවරඑළියම වසා ගන්න Grand Strawberry Fest 2018. Grand Strawberry Fest කියන්නේ ලංකාවේ එකම ස්ට්‍රෝබෙරි සැණකෙළිය.

කවදත් ලෝකෙම පුදුම කරවන වැඩ කරන නුවරඑළිය Grand Hotel තමයි මේ සුපිරි අත්දැකීම ඔබට ගෙන එන්නේ. ලක්ෂ 38 ක ලෝකෙ මිල අධිකම ඩෙසර්ට් එක සහ ලෝකෙ දිගම Potato Cake එක හැදුවෙත් නුවරඑළිය Grand Hotel එක.

ඉතිං Grand Strawberry Fest එක වෙනුවෙනුත් ඔවුන් තව අපූරු වැඩක් කරන්න යනවා. ඒ තමයි ලෝකයේ ලොකුම Strawberry පීසා එක හදන්න. මේ ඇති දැවැන්ත Strawberry පීසා එක කිලෝ 1400 ක් බරයි.

පුදුමයි නේද එච්චර ලොකු පීසා එකක් කොහොමද හදන්නේ? මේ ඇති දැවැන්ත strawberry පීසා එක ඔබට ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන් අගෝස්තු 17 වෙනිදා ඉඳලා නුවරඑළිට ආවොත්. ඒ වගේම රසම රස Strawberry පීසා එක රස විඳින්නත් ඔබට අවස්ථාව ලැබෙනවා.

ඒ විතරක් නෙවෙයි අගෝස්තු 17 වෙනිදා ඉඳන් දවස් 10 ක් Strawberry වැඩ කෝටියක් ඔබට නුවරඑලියට ආවොත් බලා ගන්න පුළුවන්. ඇයි Parties , Games , Walks, Exhibitions මේ සියල්ල Grand Strawberry Fest 2018 පුරාවට ඔබට විඳගන්න පුළුවන්.

නිවාඩු කාලයේ පොඩ්ඩොත් එක්කන් පවුල් පිටින් Grand Strawberry Fest 2018 සැණකෙළියට එන්න. මතකයි නේ අගෝස්තු 17 වෙනිදා ඉඳන් එක දිගට දවස් 10 ක් ම.

මේ ඔක්කොම කාරණා අතරේ ඔබට කියන්න තවත් දෙයක් තියෙනවා. ඒ තමයි මේ Grand Strawberry Fest 2018 සැණකෙළියේ නිළ විද්‍යුත් මාධ්‍ය අවරණය ලබා දෙන්නේ සියත අපි. ඒ කියන්නේ සියත FM, සියත TV. ඒ වගේම නිළ Digital මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ සියත 24. ඉතින් ඔබට පුළුවන් මේ සැණකෙළියේ සුවිශේෂතම අවස්ථා සියත FM Facebook පිටුව හරහා නරඹන්න. ඒ නිසාම මේ සැණකෙළියේ රසවත් කිසිම අවස්ථාවක් ඔබට මඟහැරෙන එකක් නම් නැහැ.


News Articles
Latest Videos
Most Popular Post