News Line| Off Air| Games
Generic placeholder image

Aug
31

දන්නා මාළු ගැන නොදන්න දේවල්.

3504 Views


දන්නා මාළු ගැන නොදන්න දේවල්.

අද අපි කියන්න යන්නේ මාළු මිල දී ගන්න ගියාම අලුත් මාළු මිල දී ගන්නෙ කොහොමද කියන දේ. මොකද බොහෝ දෙනාට තියෙන ගැටලුවක් තමයි කොහොමද අලුත් මාළු තෝරා ගන්නෙ කියන එක. මේ තොරතුරුවලින් ඔබට අලුත් මාළු ගන්න පුළුවන්.

* මුලින්ම බලන්න ඕන මාළුවගේ කරමල. මොකද මාළු මියගියාම ඉක්මනින්ම නරක් වෙන්නේ මේ කරමල. අලුත්ම මාළුවල කරමල රතු පාටයි, නැත්නම් රෝස පාටයි. කරමල කළු පාට වෙලා දම්පාට වෙලා තියෙනව නම් ඒ මාළු මිලදී ගන්න එපා. මොකද ඒ අලෙවි කරන්නේ පරණ වුණ මාළු. (අද ඇතැම් මාළු වෙළෙන්දෝ අලුත් මාළුන්ගේ ‍ලේ, පරණ මාළුන්ගේ කරම‍ලේ ගානවා අලුත් විදිහට තියාගන්න)

* ඒ වගේම මාළු ඇස්, අපැහැදිලි ඇස් තියෙනවා නම් ඒ මාළු පරණය. වතුර ගතියත් එක්ක ඇස් පිම්බිලා තියෙනව නම් ඒ මාළු අලුත් කියලා කියන්න පුළුවන්.

* මාළු කොර‍පොතු දිලිසෙන එක අඩු නම් ඒ මාළු පරණයි. ඒ නිසයි මාළු පිළිගඳ දැනෙන්නේ. පණ තියෙන මාළුවලින් ඉවසන්න බැරි පිළීගඳක් එන්නෙ නැහැ. මාළුවෙක් මියගිය වෙ‍ලේ ඉඳන් තමයි මාළුවා ගඳ ගහන්න පටන් ගන්නෙ. පරණ වෙන්න පරණ වෙන්න මාළුවාගේ පිළීගඳ ගතිය වැඩියි. (ඒ මාළුන්ගේ ඇඟ ඇතුළේ නිපදවන රසායනික ද්‍රව්‍ය කිහිපයක් නිසයි)

* අලුත් මාළු ඇඟිල්ලෙන් තද කළොත් තද ගතියක් දැනේවි. පරණ මාළු අපි ඇඟිල්ලෙන් එබුවහම එතැන වළක් ඇතිවෙනවා. එහෙම වෙන්නේ මාළු පරණ වෙන්න වෙන්න හම මෘදු වෙන නිසයි.

* ඒ වගේම මාළු කෑලිවලට කපලා සති ගණන් ශීතකරණයේ තියලා ආහාරයට ගන්න එපා. ඇතැම් වෙලාවට ඒ මාළු ශරීරයට ඇලජික් වෙන්න පුළුවන්. ධීවරයෝ නම් එහෙම වුණාහම කියන්නේ මාළු අලකඩ වෙනවා කියලා. අනෙක් කාරණාව තමයි මාළු උයලා දවස් ගණන් ශීතකරණයේ තියාගෙන ආහාරයට ගැනීම. එහෙම ආහාරයට ගැනීමෙන් පාචනය වගේ රෝග ඉක්මනින් වැලඳෙන්න පුළුවන්.

* ‍ලේ වඩවන මාළු ගොඩක් අයට උෂ්ණයි. මේ මාළු පරණවෙලා ආහාරයට ගත්තාම පළු දාලා ඇඟ කසනවා. ඒ වගේම කට කසලා හුස්ම ගන්නත් අමාරු වෙනවා. ඇස් අරින්න අමාරු වෙන්නත් පුළුවන්. බලයා, සූඩයා, කෙලවල්ලා, අලගොඩුවා, ඇටවල්ලා කියන මාළු තමයි ආහාරයට ගද්දි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන.

තිළිණි කරුණාරත්න (රිවිර පුවත්පත)


News Articles
Latest Videos
Most Popular Post