News Line| Off Air| Games
Generic placeholder image

Jul
3

ICC ය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනතුරු අඟවයි.

522 Views


ICC ය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනතුරු අඟවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පවත්වන්න නියමිත වෙලා තිබ්බේ මැයි මාසයේ 30 වෙනිදා. හැබැයි අධිකරණ නියෝගයකින් ඒක කල් ගියා. අධිකරණයෙන් ඒ නියෝගය ඉවත් කරත් තාමත් ක්‍රිකට් නිලවරණය පවත්වලා නම් නෑ.

අයර්ලන්තයේ ඩබ්ලින් නුවර තිබ්බ ICC 75 වන සමුළුවේදී මේ ගැන සාකච්ඡා කරලා තිබුණා. මාස 6 ක් ඇතුලත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත් වන්න කියලා ICC ය ලංකාවට දැනුම් දීලා තියෙනවා. එහෙම නැත්නම් ලංකාවේ ICC සාමාජිකත්වය ගැන නැවත සලකා බලන්න වෙනවා කියලා ඔවුන් අනතුරු අඟවලා තියෙනවා.

ඒ වගේම නිලවරණය පවත් වනකම් ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියෝජිතයෙක්ට ICC රැස්වීම් වලට සහභාගී වෙන්න කියලා දන්වලා තියෙනවා. මේ සමුළුවේදී පන්දුව පළුදු කිරීම සහ පෞද්ගලික අපහාස සම්බන්ධයෙන් දඬුවම් වැඩි කරන්නත් තීරණය කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post