News Line| Off Air| Games
Generic placeholder image

Jun
16

ටෙස්ට් ක්‍රිකට් තරඟය අවසානයේදී, ඉන්දීය නායක රහානී කරපු වැඩකට ලොවෙන්ම පැසසුම්. Video මෙන්න…

1665 Views


ටෙස්ට් ක්‍රිකට් තරඟය අවසානයේදී, ඉන්දීය නායක රහානී කරපු වැඩකට ලොවෙන්ම පැසසුම්. Video මෙන්න…

ඉන්දීය කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති පළමු ටෙස්ට් තරඟය ඊයේ පැවැත්වුණා. මෙම ටෙස්ට් තරගයේදී ඇෆ්ගන් කණ්ඩායම ටෙස්ට් වරම් දිනා ගත්තා.

එක් තරඟයක, තරඟාවලියක් විදිහට තිබුණ මේ තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 474ක් ලබා ගත්තා. ශිකර් ධවාන් ලකුණු 107යි. සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානයට ලබාගන්න පුළුවන් වුණේ ලකුණු 109ක් විතරයි. පන්දුවෙන් දස්කම් දැක්වූ රවිචන්ද්‍රන් අශ්වින් පන්දුවාර අටට කඩුලු 4ක් බිඳ දැම්මා.

දෙවෙනි ඉනිම අරඹමින් ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටනක නිරත වූ ඇෆ්ගනිස්ථානය ලකුණු 103කට සියලු දෙනා දැවී ගියේ ඉන්දීය කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 262ක දැවැන්ත ජයග්‍රහනයක් හිමිකර දෙමින්.

මේ අතර තරඟාවලියේ සම්මාන ලබා දෙන අවස්තාවේ ඉන්දීය නායක අජින්ක්යා රහානී විසින් සිදු කළ ක්‍රියාවක් කතාබහට ලක්වී තිබෙනවා. එනම් රහානි විසින් කුසලානය සැමරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමටද අරාධනා කිරීමයි.

එම අවස්තාවේ වීඩියෝව පහතින්,

https://www.instagram.com/p/BkDAkelnS27/?taken-by=middle.stump.cric


News Articles
Latest Videos
Most Popular Post