News Line| Off Air| Games
Generic placeholder image

Aug
17

“ඉන්දියාවේ කුණු නිසා ලංකාවේ මත්ස්‍ය අස්වැන්නට හානි.” – පරිසරවේදීන් අනතුරු අඟවයි.

363 Views


“ඉන්දියාවේ කුණු නිසා ලංකාවේ මත්ස්‍ය අස්වැන්නට හානි.” – පරිසරවේදීන් අනතුරු අඟවයි.

ඉස්සර ලංකාවට කිව්වේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා. හැබැයි දැන් ලංකාව ඉන්දියන් සාගරයේ කුණු කූඩය බවට පත්වෙලා. පහුගිය දවසක ඉන්දියාවේ සායනික අපද්‍රව්‍ය තොගයක් පුත්තලමට ගොඩගහලා තිබුණා.

ඉන්දියාවෙන් මෙන්ම කලාපීය තවත් රටවල් කිහිපයකින්ද ගසා ගෙන ආ අපද්‍රව්‍ය ශී‍්‍ර ලංකාවේ උතුරු, නැගෙනහිර, බටහිර සහ වයඹ වෙරළ තීරයන්ට ගොඩගසා ඇතැයි පසුව වැඩිදුරටත් වාර්තා වුණා. ඒ ගැන අනතරු ඇඟවීමක් පරිසරවේදීන් කරනවා.

ඔවුන් කියන්නේ ඉන්දියාවේ න්‍යෂ්ඨික අපද්‍රව්‍යද ශී‍්‍ර ලංකාවට පැමිණීමේ අවධානමක් තියෙනවා කියලා. මේ කාලයේ මාළුන්ගේ ප්‍රජනන සමය ආරම්භ වන නිසා බිත්තර විනාශ වීමේ අවධානමක් තියෙන බවත් පරිසරවේදීන් අනතුරු අඟවනවා.


News Articles
Latest Videos
Most Popular Post