News Line| Off Air| Games
Generic placeholder image

Jul
18

“අපි දුර්වල වෙලා. 2019 ලෝක කුසලානය දිනන්න අපි තාම මදීයි.” – කෝලි පළමු වරට කලකිරීමෙන් කතා කරයි.

1632 Views


“අපි දුර්වල වෙලා. 2019 ලෝක කුසලානය දිනන්න අපි තාම මදීයි.” – කෝලි පළමු වරට කලකිරීමෙන් කතා කරයි.

ඉන්දීයාව කියන්නේ දේශපාලන සම්බන්ධකම් වලදී කෙසේ වෙතත් ක්‍රිකට් වලදී නම් අපිට එපාම කරපු රටක්. අපිට ඉන්දියාව නයාට අඳුකොළ ගානට වුනේ විරාත් කෝලිලා ක්‍රිකට් සෙල්ලම් කරන්න ආවට පස්සෙයි. හැබැයි ඉතිං බොරු ෂෝ එක තිබ්බට, ඉන්දියාව කණ්ඩායමක් විදිහට පහුගිය කාලෙම හොඳ දක්ෂතා දැක්වුවා. ඒත් එකපාරටම ඉන්දීය කණ්ඩායම කඩා වැටිලා.

එංගලන්තය සමඟ තිබුණු තරඟාවලිය ඊයේ ඉන්දියාව 2 – 1 ක් විදිහට පරාද වුණා. මේ පරාජය ඉන්දියානුවන්ට වගේම විරාත් කොලිටත් ලොකු කලකිරීමක් ගෙනාවා. ඊයේ තරඟයෙන් පස්සේ විරාත් කෝලි මාධ්‍යට කතා කරේ ඒ කලකිරීමත් එක්කයි.

“ඇත්තටම දැන් අපි දුර්වල වෙලා. 2019 ලෝක කුසලානයට අපි තාම සුදානමක් නැහැ. අපි හොඳටම මදියි. මේ මාස 12 ඇතුලත මොනවම හරි කරන්න වෙනවා. තුන් ඉරියවුවෙන්ම අපි මේ තරඟාවලියේදී අසාර්ථක වුණා. එකක් කියලා නැහැ අපේ අඩුපාඩු ගොඩාක් තියෙනවා. හැමෝටම ඕනේ දිනන්න. හැබැයි ඒකට සුදානම ගොඩාක් ඕනේ. දැන් ඉන්දියාව එහෙම සමබර නැහැ.”

හැමදාම මහා උජාරුවෙන් කතා කරපු කෝලි ඊයේ කතා කරේ ඒ විදිහට චෝදනා ස්වරූපයෙන්. ඉන්දියාව මුහුණ දුන්න අන්තිම තරඟ 15 ඉඳල මේ දුර්වලකම් පෙන්න පටන් ගත්තා කියලයි කෝලි වැඩිදුරටත් කියලා තිබුනේ.


News Articles
Latest Videos
Most Popular Post