News Line| Off Air| Games
Generic placeholder image

Sep
2

විරාත් කෝලිට ආසියානු කුසලානය අහිමි වෙයි.

903 Views


විරාත් කෝලිට ආසියානු කුසලානය අහිමි වෙයි.

ආසියාවේ ප්‍රභල ක්‍රිකට් කණ්ඩායම් සියල්ලම මේ වෙද්දී ආසියානු කුසලානයට යන්න ආයුධ මුවහත් කරනවා. ආසියානු කුසලානයට යන සිංහ බලඇණියත් මේ වෙද්දී නම් කරලයි තියෙන්නේ. ඉන්දියාවත් ඔවුන්ගේ සංචිතය නම් කරා.

හැබැයි ඉන්දියාවේ ප්‍රධානම සෙන්පතියා ආසියානු සටනේදී ගෙදර තියලා යන්න ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කරලා තියෙනවා. ඒ අනුව නායක විරාත් කෝලි නැතුව තමයි ඉන්දියාව ආසියානු කුසලානයට එන්නේ.

කෝලිගෙන් හිස්වන නායකත්වය සුපුරුදු පරිදි රෝහිත් ශර්මාට හිමිවෙලා තියෙනවා. කෝලි මේ දක්වා පිට පිටම තරඟාවලි කිහිපයක්ම ක්‍රීඩා කරපු නිසා ඔහුට විවේකයක් දෙන්න ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කරලා තියෙනවා.

කොහොම වුනත් අනිත් සියලුම ඉන්දීය ප්‍රභල ක්‍රීඩකයින් ආසියානු කුසලානයට නම් කරලා තියෙනවා. මේ තියෙන්නේ ආසියානු කුසලාන සටනට එන ඉන්දියාවේ ක්‍රිකට් බලඇණිය.


News Articles
Latest Videos
Most Popular Post