News Line| Off Air| Games
Generic placeholder image

Apr
9

ශ්‍රී ලංකාවේ LPL තරඟාවලියට ඉන්දීය සුපිරි ක්‍රීඩකයින් එන්නේ නෑ. හේතුව මෙන්න.

9159 Views


ශ්‍රී ලංකාවේ LPL තරඟාවලියට ඉන්දීය සුපිරි ක්‍රීඩකයින් එන්නේ නෑ. හේතුව මෙන්න.

ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන්ට ක්‍රිකට් සැණකෙළියක් ගෙන එමින් “ලන්කන් ප්‍රිමියර් ලීග්” අගෝස්තු මාසයේදී ආරම්භ වෙනවා. මේ වෙද්දීත් ඒ සදහා අවශ්‍ය කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා. LPL මෙහෙය වීමේ සම්පූර්ණ වගකීම පැවරිලා තියෙන්නේ රසල් ආනෝල්ඩ්ට.

විදේශ රටවල ක්‍රීඩකයින් රැසක් මේ තරඟාවලියට සහභාගී කර ගන්නවා කියලා ක්‍රිකට් ආයතනය සඳහන් කරා. හැබැයි ඉන්දීය සුපිරි තරු LPL සඳහා සහභාගී කර ගන්න නොහැකි වෙලා තියෙනවා. ඒ ඉන්දීය ජාතික කණ්ඩායමේ කොන්ත්‍රාත් පදනම මත ඉන්න ක්‍රීඩකයන්ව ලෝකයේ වෙනත් කිසිම ප්‍රිමියර් ලීග් තරඟාවලියකට සහභාගී කරවන්නේ නෑ.

LPL ක්‍රියාත්මක වෙන කාලයේදී බටහිර ඉන්දීය කොදෙව්වෙහිදී කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියත් පැවැත් වෙනවා. ඒ නිසා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන්වත් සහභාගී කරවා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අනෙකුත් රටවල ක්‍රීඩකයින් සහභාගී කර ගන්න මේ වෙනකොටත් ක්රිකට ආයතනය කටයුතු කරමින් යනවා.


News Articles
Latest Videos
Most Popular Post