News Line| Off Air| Games
Generic placeholder image

Oct
3

ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය ගණන 1350 ඉක්මවයි

550 Views


ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය ගණන 1350 ඉක්මවයි

ඉන්දුනීසියාවේ සුලාවෙසි දුපතට බලපෑ ප‍්‍රබල භූමිකම්පාවෙන් සහ සුනාමි ව්‍යවසනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1 350 ඉක්මවා තිබෙනවා.එරට ආපදා කළමනාකරණ ඒකකය සදහන් කළේ මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු ඉවත් කිරීමේ මෙහෙයුම් තවදුරටත් ක‍්‍රියාත්මක බවයි .

කෙසේ වෙතත් මියගොස් සිටින පුද්ගලයින්ගේ සිරුරූ වලින් හමන් දුර්ගන්ධය හේතුවෙන් සහන සේවාවන් හි නිරතව සිටින පිරිස් දැඩි අපහසුතාවයකට මුහුණ දී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

සුලාවේසි දුපතේ ජලය, ඉන්ධන, ආහාර සහ අනෙකුත් අත්‍යාවශය භාණ්ඩ සීමිතව පැවතීම හේතුවෙන් දිවිගලවා ගත් පුද්ගලයින් අතරේ එම ද්‍රව්‍ය බෙදා දීමට පොලිසියට අමතර වෙහෙසක් දැරීමට සිදුව තිබෙනවා.

ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය පාලනය කිරීමට පොලිසියට අහසට වෙඩි තැබීමට පවා සිදුවූ බවයි වාර්තා වන්නේ
ව්‍යවසනය සිදු වන අවස්ථාවේ දේවස්ථානයක සිටියදී මියගිය ළමුන් 84 දෙනෙකුගේ මළ සිරුරු ඊයේ සොයා ගැනුණා.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් තම රටට විදෙස් ආධාර ලබා දෙන ලෙස ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩාඩෝ ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ඒ සදහා ආධාර ලබාදීමට සුදානම් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර කළේ.ඉන්දුනීසියාවේ සුලාවෙසි දුපතට ඒකක 7.5 ක ප‍්‍රබල භූමිකම්පාවක් සහ සුනාමි තත්වයක් ඇති වුණේ පසුගිය 28 වනදායි.


News Articles
Latest Videos
Most Popular Post