News Line| Off Air| Games
Generic placeholder image

Sep
13

ලොවම මවිත කරමින් ඩුවල් සිම් Iphone එළියට එයි. (VIDEO)

2542 Views


ලොවම මවිත කරමින් ඩුවල් සිම් Iphone එළියට එයි. (VIDEO)

ඇපල් කියන්නේ ලෝකයේ පෙරලියක් ඇති කරපු දුරකතන ඉදිරිපත් කල එකම සමාගම. හැම අවුරුද්දකටම පාරක් ඇපල් සමාගමේ අලුත්ම දුරකතන මාදිලිය ඔවුන් එළි දක්වනවා. ඉතින් 2018 වෙනුවෙන් ඇපල් සමාගමේ අලුත්ම දුරකතන මාදිලි එළිදැක්වීම ඊයේ දවසේ සිදුකෙරුණා. ඒ තමයි i Phone XS, XS Max සහ i Phone XR කියන දුරකතන මාදිලි පෙළ. ඇපල් ඉතිහාසයේ මුල්ම වතාවට දිත්ව සිම් පහසුකම් සහ Virtual SIM සංකල්පය මේ දුරකතන පෙළ හරහා ඔවුන් ලෝකයට හඳුන්වාදෙනවා. Virtual SIM නිසා එක් සේවා ජාලයක සිට තවත් සේවා ජාලයකට සිම්පතක් රහිතව මාරුවීමේ හැකියාව මේ දුරකතන හරහා ඔබට පුළුවන්.

i Phone XS දුරකතනය 5.8‘ Full HD තිරයකින් යුතු වනවා. මේ දුරකතනයේ 12 MP ද්විත්ව කැමරාවක් සහ 7 MP ඉදිරිපස කැමරාවතින් යුත්ත වනවා. 66 GB, 256 GB, 512 GB යන මතක ධාරිතාවයන් තියෙන මාදිලි වලින් මෙම දුරකතනය මිලදී ගන්න පුළුවන්.

i Phone XS Max දුරකතනය 6.5‘ Full HD තිරයකින් යුතු වනවා. 12 MP ද්විත්ව කැමරාවක් සහ 7 MP ඉදිරිපස කැමරාවකින් සමන්විත වෙනවා.

i Phone XR දුරකතනය 6.1 IPS LCD capacitive තිරයකින් සමන්විත වනවා. එත් මේ මාදිලියට ද්විත්ව කැමරාවක් ඇතුලත් කර නැහැ. ඒ වුනත් XR දුරකතනය සඳහා 12 MP කැමරාවක් සහ 7 MP ඉදිරිපස කැමරාවක් තියෙනවා.

i Phone XS දුරකතනය ඩොලර් 999 (රුපියල් එක් ලක්ෂ හැටපන්දහස්ක් පමණ) සහ i Phone XS Max දුරකතනය ඩොලර් 1099 (රුපියල් එක් ලක්ෂ අසූ දෙදහසක් පමණ) මිල වනවා. ඒ වගේම i Phone XR දුරකතනය ඩොලර් 749 ක් (රුපියල් එක්ලක්ෂ විසිතුන් දහසක් පමණ) විතර වෙනවා.

මේ තියෙන්නේ ඊයේ තිබ්බ එළිදැක්වීමේ අවස්ථාවේ Video එක…

මේ තියෙන්නේ අදාළ දුරකතන මාදිලි ගැන විස්තරේ…

https://youtu.be/9m_K2Yg7wGQ

 


News Articles
Latest Videos
Most Popular Post