News Line| Off Air| Games
Generic placeholder image

Jun
26

රොනාල්ඩෝ අතින් කැපෙන්න ගිය පෘතුගාලය කුරෙස්මා බේරා ගනී. – Video

1129 Views


රොනාල්ඩෝ අතින් කැපෙන්න ගිය පෘතුගාලය කුරෙස්මා බේරා ගනී. – Video

පාපන්දු ලෝක කුසලානයේ තවත් තීරණාත්මක තරඟයක් ඊයේ පැවැත් වුණා. ඒ ඉරානය සහ පෘතුගාලය අතර. මෙම තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම බී ඛාණ්ඩයෙන් සුපිරි වටයට 16 දෙනාගේ වටයට ප්‍රවිෂ්ඨ වීමට අවස්තාව හිමි වුණා. ඒ නිසා ආරම්භයේ ඉඳන්ම උණුසුම් තරඟයක් බලා ගන්න පුළුවන් වුණා.

තරගයේ පළමු ගෝලය 46 වෙනි මිනිත්තුවේදි වාර්තා වුණා. පෘතුගාලය වෙනුවෙන් රිකාඩෝ කුරෙස්මා ඒ ගෝලය ලබා ගත්තා. තරගයේ ජය පෘතුගාලයට තහවුරු කර ගැනීමට පෘතුගාල නායක ක්‍රිස්ටියානො රොනාල්ඩෝට ඉතා පහසු අවස්තාවක් හිමි වුණා. ඒ තරගයේ 54වන මිනිත්තුවේදි පෘතුගාලයට ලබා දුන් දඬුවම් පහරයි.

හැබැයි ඉරාන කණ්ඩායමේ අත්දැකීම් අඩු නවක දැල් රකින්නා ඉදිරියේ ක්‍රිස්ටියානො රොනාල්ඩෝට එම පහසු දඬුවම් පහර සාර්ථක කර බැරි වුණා. තරගයේ අවසන් භාගයේ හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කර ගත්ත ඉරානය 1-1ක් ලෙස තරඟය සම කර ගත්තා.

සෞදි අරාභිය සහ ඊජිප්තුව අතර තිබ්බ තරඟය 2 – 1 ක් විදියට සෞදිය ජය ගත්තා. සත්කාර රුසියාව සහ උරුගුවේ අතර තරඟය ජය ගත්තේ උරුගුවේ කණ්ඩායම. ඒ ගෝල 3 – 0 ක් විදියට. ස්පාඤ්ඤය සහ මොරොක්කෝව අතර තරඟය 2 – 2 ක් විදියට සම වුණා.


News Articles
Latest Videos
Most Popular Post