News Line| Off Air| Games
Generic placeholder image

Aug
25

අයි.එස් නායකයාගේ හඬ පටයක් නිකුත් වෙයි

441 Views


අයි.එස් නායකයාගේ හඬ පටයක් නිකුත් වෙයි

‘ඉස්ලාමික් ස්ටේට්’ ජිහාද් සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි වසරකට පස්සේ හඬ පටයක් නිකුත් කරල තියෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයෙන් පස්සේ අයි.එස් සංවිධානයේ නායකයා හඬ පටයක් නිකුත් කළ පළමු අවස්ථාව තමයි මේ. පහුගිය බදාදා තිබුණ ඉස්ලාම් භක්තිකයන්ගේ ඊද් උත්සවය ඉලක්ක කරගනිමින් තමයි මේ හඬපටය නිකුත් කරලා තියෙන්නේ. මේ සඳහා ඔහු යොදාගෙන තියෙන්නේ ටෙලිග්‍රෑම් තාක්ෂණය.

හඬ පටය නිකුත් කරමින් “ජිහාද්” ව්‍යාපාරයට සහාය දෙන්නැයි අයි.එස් සංවිධානයේ නායකයා සියලු මුස්ලිම් වැසියන්ට ප්‍රකාශ කරල තියෙනවා.

අයි.එස් සංවිධානයේ නායකයා මෙම හඬ පටය නිකුත් කලේ එම සංවිධානයට ඉරාකයේත් සිරියාවේත් ඔවුන්ගේ පාලන ප්‍රදේශ බොහෝමයක් අහිමි වුණ අවස්ථාවකදීයි.

“තම ආගම, ඉවසීම, සතුරන්ට එරෙහි ජිහාද්වාදය අමතක කළ සියලු දෙනා මෙන්ම මැවුම්කරුවගේ පොරොන්දු රකින්නට අපොහොසත් වූ සියලු දෙනා නියත වශයෙන්ම අපකීර්තියටත් නින්දාවටත් පත්වනු ඇතැයි” අයි.එස් නායකයා තම හඬ පටය ඔස්සේ සඳහන් කරල තියෙනවා.

බැග්ඩෑඩි පිළිබඳ කතාබහක් ඇති වන්නේ ඉරාකයෙන්. ඔහු ලොව වැඩියෙන්ම අත්‍යවශ්‍ය පුද්ගලයා බවට පත්ව තිබෙන අතර ඔහු අල්ලා ගන්නා අයකුට එක්සත් ජනපද ඩොලර් මිලියන 25ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බව ද ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කරනවා.


News Articles
Latest Videos
Most Popular Post