News Line| Off Air| Games
Generic placeholder image

Oct
3

ඊශ‍්‍රායල් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

658 Views


ඊශ‍්‍රායල් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ශ‍්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව ඊශ‍්‍රායල් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුස්සැල්ලාව ප‍්‍රදේශයේ පදිංචි සහබ්දීන් මොහොමඞ් නවුෂාඞ් නම් පුද්ගලයෙකි. මොහු බලපත‍්‍රයක් නොමැතිව පුද්ගලයින් විදේශ ගතකිරීම සදහා නීති විරෝධී අයුරින් මුදල් ලබාගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මුදල් ලබාගත් බවට සැකකරු විසින් පුද්ගලයින් වෙත නිකුත් කරන ලද ගිවිසුම් පත් ද විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ.

සැකකරු පුස්සැල්ලාව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ගම්පොළ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු.100,000 ක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලදී. එසේම 2018 ඔක්තෝම්බර් 26 වන දින නැවත අධිකරණයේ පෙනී සිටින ලෙසද නියෝග කර තිබේ.

මෙම වැටලීම සදහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති* කීර්ති මුතුකුමාරණ මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරික්ෂක එච්.එම්.කුමාරසිංහ, පොලිස් පරික්ෂක කේ.කේ.එස්.පී.ෆර්ඩිනෑන්ඩු, පොදු සහකාර සමන්ත පේ‍්‍රමසිරි යන නිළධාරීන් .


News Articles
Latest Videos
Most Popular Post