News Line| Off Air| Games
Generic placeholder image

Aug
23

ජපන් ආරක්ෂක ඇමතිගේ ශ්‍රී ලංකා කුරුමානම හෙළිවෙයි.

996 Views


ජපන් ආරක්ෂක ඇමතිගේ ශ්‍රී ලංකා කුරුමානම හෙළිවෙයි.

පහුගියදා ජපානයේ ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොදේරා නිල සංචාරයකට දිවයිනට පැමිණියා. හැබැයි ඔහු ලංකාවට එන්න කලින් ඉන්දියාවට ගිහින් නරේන්ද්‍ර මෝදීවත් හමුවෙලයි තමයි ඇවිත් තියෙන්නේ. ඒ කොහොම වුණත් ඔහු ලංකාවට ආවේ නම් හොඳකට නෙවෙයි. චීනය ශක්තිමත් වීම සමඟ ජපානයේ කුරුමානම දැන් වෙනස්වෙලා.

ඉන්දීය සාගරයේ ආරක්ෂාවට ඇමරිකාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමඟ ඒකාබද්ධව කටයුතු කිරීම තමයි ජපන් ආරක්ෂක ඇමතිගේ මේ සංචාරයේ මුලික අරමුණ වෙලා තියෙන්නේ. ඉදිරි වසර 20දී බෙංගාල බොක්ක ආශි‍්‍රත රටවල් සීග‍්‍ර වර්ධනයක් ලබන නිසා තී‍්‍රකුණාමල වරාය සහ හාහම්බන්තොට වරයා ඉන්දියන් සාගරයේ කේන්ද්‍රීය වරායන් බවට පත් කිරීමට සැරසෙනවා. ඒ අනුව ජපන් නාවික හමුදාවේ අනුග්‍රහය මත ශ්‍රී ලංකාව නාවික හමුදාව හා එක්ව සමුද්‍රීය අරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්නයි සූදානම් වෙන්නේ.

ජපන් අමාත්‍යවරයා මේ සංචාරයේදී තී‍්‍රකුණාමල සහ හම්බන්තොට වරාය සංචාරයක ද නිරත වුණා. මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ තී‍්‍රකුණාමල වරාය ගැන අවබෝධයක් ලබා ගත යුතු බවයි. ඒ වගේම ශී‍්‍ර ලංකාව සහ ජපානය අතර ආරක්ෂක සබඳතා තර කර ගැනීමට අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීම වැදගත් බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post