News Line| Off Air| Games
Generic placeholder image

Jul
6

මහා වැස්සට ජපානය යට වෙයි. මිලියන 1.4 ක් අවතැන්.

458 Views


මහා වැස්සට ජපානය යට වෙයි. මිලියන 1.4 ක් අවතැන්.

ධාරාණිපාත වර්ෂාව නිසා ජාපනයට ආපදා තත්වයක් ඇති වෙලා තියෙනවා. මේ නිසා පුද්ගලයින් ලක්ෂ 12 කට ආසන්න පිරිසකට ආරක්‍ෂිත ස්ථාන කරා යන්න කියලා නියෝග කරලා තියෙනවා.

ඒ වගේම නායයාමේ අවධානම් සහිත ප්‍රදේශවල සිටින පුද්ගලයින් 168,000 ක් ආරක්‍ෂිත ස්ථාන කරා යවලා තියෙනවා. ජපානයේ බටහිර සහ මධ්‍යම ප්‍රදේශයට ඇද හැලෙමින් පවතින මෙම වර්ෂාව “ඓතිහාසික” එකක් කියලයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ජපානයේ Shikoku දුපතට පසුගිය පැය 48 තුල මිලිමීටර් 908 ක වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා. අනිත් ප්‍රදේශ වලටත් ඉදිරි පැය 24 තුල මිලිමීටර් 400 ඉක්මවූ වැසි බලාපොරොත්තුවන බවට එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

වර්ෂාව නිසා ඇතිවු හදිසි ආපදා තත්ත්වයන් හා නායයෑම් හේතුවෙන් මේ වන විට ජපානයේ පුද්ගලයින් දෙදෙනෙක් මිය ගිහින් තියෙනවා. 10 කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර තවත් බොහෝ පිරිසක් අතුරුදහන් ව සිටින බවයි ජපාන මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ වගේම ඉදිරි සතියේදී ” මාරියා සුළි කුණාටුව” ජපානයේ ඔකිනාවා ප්‍රාන්තය ඔස්සේ රට තුලට ඇතුල් වනු ඇති බවට එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.


News Articles
Latest Videos
Most Popular Post