News Line| Off Air| Games
Generic placeholder image

Jun
28

“හෙලෝ කිටී” ජපානයේ දුම්රිය සේවයට එක්‌ වෙයි…(VIDEO / PHOTOS)

865 Views


“හෙලෝ කිටී” ජපානයේ දුම්රිය සේවයට එක්‌ වෙයි…(VIDEO / PHOTOS)

ජපානය කියන්නේ ලෝකේ තියෙන වෙනස්ම සම්ප්‍රදායන් වලින් පිරුණු ලස්සන රටක්. ඉතින් ජපානේ තමයි සුදු සහ රෝස පැහැයෙන් යුතු හෙලෝ කිටී කියන කාටූන් තේමාවේ ආරම්භය කියල සැලකෙන්නේ. මේ හෙලෝ කිටී තේමාව යොදාගෙන ජපාන දුම්රිය සේවයේ වෙනසක් කරන්න ජපානය ලෑස්තිවෙනවා. සම්ප්‍රදායික අධිවේගී දුම්රියකින් වෙනස්ව, සුදු සහ රෝස පැහැයෙන් තියෙන හෙලෝ කිටී තේමාවේ අධිවේගී දුම්රියක් ජපාන දුම්රිය සේවයට එකතු කරලා තියෙනවා.

හෙලෝ කිටී කාටූන් චරිතය ප්‍රවර්ධනය කරන මෙම දුම්රිය මාස තුනක කාලයක් ඔසාකා සහ ෆුකුඕකා යන නගර දෙක අතර ධාවනය කෙරෙනවා. බටහිර ජපාන දුම්රිය සේවය විසින් හඳුන්වාදුන්න මේ විශේෂ හෙලෝ කිටී දුම්රිය, පළාතේ සංචාරක ව්‍යපාර සංවර්ධනයට යොදාගන්න එක තමයි ඔවුන්ගේ අරමුණ වෙලා තියෙන්නේ.

මේ දුම්රියේ කවුළු, ආසන වගේම දුම්රිය ඇතුලේ තියෙන ගොඩක් දේවල් හදල තියෙන්නේ හෙලෝ කිටී තේමාවන් පමණක් යොදාගෙනයි.

https://youtu.be/KcCsbX3w7zQ


News Articles
Latest Videos
Most Popular Post