News Line| Off Air| Games
Generic placeholder image

Jul
3

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කම ඒකාබද්ධ විපක්ෂය ඉල්ලයි.

438 Views


පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කම ඒකාබද්ධ විපක්ෂය ඉල්ලයි.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් අද කතානායක කරූ ජයසූරිය මහතා හමුවීමට සුදානම් වනවා. ඒ බහුතර මන්ත‍්‍රිවරුන් සංඛ්‍යාවක් සිටින එකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධුරය ඉල්ලන්න.

මේ සම්බන්ධයෙන් කතානායකවරයාගෙන් මීට පෙරද ඉල්ලිම් කළත් සාර්ථක පිළිතුරක් ලැබුණේ නෑ කියලා පාර්ලිමේන්තු දිනේශ් ගුණවර්ධන මහතා සදහන් කලා. කොහොම වුනත් අද දිනයේ දීත් කතානායකවරයා හමුවී මේ පිළිබදව ඉල්ලිමක් කරන බවයි මන්ත‍්‍රීවරයා පැවසුවේ.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් 54 දෙනා හා ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත‍්‍රීවරුන් 16 දෙනා සමග ඒකාබද්ධ විපක්ෂයේ මුලූ මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව 70 ක් බවත් ආර් සම්පන්දන් මහතා නායකත්වය දරන ද්‍රවිඩ ජාතික සන්ධානයට සිටින්නේ මන්ත‍්‍රීවරුන් 16 දෙනකු පමණක් බවත් දිනේශ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post