News Line| Off Air| Games
Generic placeholder image

Sep
27

කාර්මිකයන්ටත් හදන්න බැරි වුන දුම්රිය විනාඩි 20 න් හැදුව ජර්මන් ටෙක් සිසුවා.

6025 Views


කාර්මිකයන්ටත් හදන්න බැරි වුන දුම්රිය විනාඩි 20 න් හැදුව ජර්මන් ටෙක් සිසුවා.

ලංකාවේ දුම්රිය දුවනවාට වඩා කැඩෙනවා. හැබැයි ඉතින් දුම්රියක් කැඩුනම හදන එක ලේසි නෑ. එකට විශේෂ දැනුමක් ඕන. මොකද සමාන්‍ය වාහන් වගේ නෙවෙයිනේ. එකට තමයි දුම්රිය කාර්මිකයින් ඉන්නේ.

හැබැයි මේ කියන්න යන්නේ දුම්රිය කාර්මිකයන්ටත් හදන්න බැරිවුන දුම්රියක් විනාඩි 20 න හැදුව සිසුවෙක් ගැන. සැප්තැම්බර් 19 වෙනිදා යාපනයේ ඉඳන් කොළඹ ගිය යාල්දේවි දුම්රියේ තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ.

සවස 4.27 ට අනුරාධපුරයෙන් කොළඹ බලා පිටත්වුන දුම්රිය මහාගල්කඩවල කැලැබැද ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වෙලා නැවතිලා. දුම්රිය කාර්මික ශිල්පීන් විනාඩි 45 ක් උත්සහා කරත් දුම්රිය යතා තත්වයට පත්වෙලා නෑ. මේ දුම්රිය ගල්ගමුව දුම්‍-රිය ස්ථනය දක්වා වෙනත් දුම්-රිය එංජිමක් මගින් ගෙන ගොස් එතැන සිට කොළඹ කොටුව දක්වා ගමන් කරවන්න තමයි නිලධාරීන් සූදානම් වෙලා තියෙන්නේ.

මේ ජරමර අස්සේ දුම්රියේ හිටිය සිසුවෙක් ස්වෙච්චාවෙන් දුම්රිය හදන්න ඉදිරිපත් වෙලා තියෙනවා. දුම්රිය කාර්මික ශිල්පීන් පයක් විතර උත්සාහා කරලත් හදන්න බැරි වුන යාල්දේවි දුම්රිය විනාඩි 20 න හදන්න මේ සිසුවා සමත්වෙලා තියෙනවා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව දුම්රියට කොළඹ බලා ධාවනය කරන්න පුළුවන් වෙලා තියෙනවා.

මේ හපන්කම කරලා තියෙන්නේ ජනිත් දිමන්ත විතානාරච්චි කියන සිසුවා. ඔහු මොරටුව ජර්මානු කාර්මික ආයතනයේ අධ්‍යපනය ලබා පසුව ICBT (පෞද්ගලිග විශවවිද්‍යාලයේ) වැඩිදුර අධ්‍යපනය ලබන සිසුවෙක්. මේ වගේ දක්ෂයින්ව ඇගයීමට ලක්කරන එක බලධාරීන්ගේ යුතුකමක්.


News Articles
Latest Videos
Most Popular Post