News Line| Off Air| Games
Generic placeholder image

Oct
4

ඇමෙරිකාව නිසා ජස්ටින් බීබර් විවාහය කල් දමයි

1441 Views


ඇමෙරිකාව නිසා ජස්ටින් බීබර් විවාහය කල් දමයි

justin Bieber කියලා කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්. කටහඩින් ලොවක් වසග කරපු ගායකයෙක් තමා Bieber කියලා කියන්නෙ. ඒත් Bieber ට අමුතු ප්‍රශ්නයක් ඇවිල්ලා. ඒ තමයි justin Bieber ට තමන්ගෙ විවාහ මංගල්‍යය ගන්න එක ප්‍රශ්නයක් වෙලා. ඒකට හේතුවක් විදිහට Bieber කියලා තියෙන්නෙ මෙහෙම කතාවක්. ඒ තමන්ගෙ ආදරණීය පෙම්වතිය Hailey Baldwin ඇමරිකානු ජාතිකයෙක් වීමයි. justin Bieber පදිංචි වී ඇත්තේ කැනඩාවේයි. ඒ නිසා දෙන්නට පුරවැසිභාවය සම්බන්ධ ප්‍රශ්න මතු වෙලා. විවාහ වෙලා තැන් දෙකක ඉන්න justin Bieber කැමති නැහැලු. ඒ නිසා ඇමරිකාවෙ පුරවැසිභාවය ඔහු ඉල්ලලා තිබෙනවා.

Bieber විවාහ වෙන්නෙ ද්විත්ව පුරවැසිභාවය ලැබුණට පස්සෙලු. කොච්චර වියදම් කරලා විවාහය සිද්ධ කරත් දෙන්නා දෙතැනක ජීවත් වෙන කැමති නෑ කියලා බීබර් තව දුරටත් කියා සිටියා. බීබර්ගේ ආදරය , ආරක්ෂාව නිතරම ඇයට අවශ්‍යයි කියලා බීබර් විදෙස් මාධ්‍යට පවසා තිබෙනවා.

justin Bieber ළමා ගායකයෙක් විදිහට ඉපයූ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 83.5 ක්. දැන් ඔහුගේ ආදායම ඇමරිකානු ඩොලර් 265 ක්. ඒ නිසා තමන්ගෙ ආදරණීයන් හැමෝම එක්ක එකතු වෙලා විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා කියලත් Bieber කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post