News Line| Off Air| Games
Generic placeholder image

Oct
4

කළණ හස්තියා සුව අතට හැරෙයි

528 Views


කළණ හස්තියා සුව අතට හැරෙයි

අලි කියන්නෙ කැළේට අයිතිසතෙක්. ඒත්අද වෙනකොට අලි ගොඩක් ඉන්නෙ එක්කො පන්සලක , එහෙම නැත්නම් කොහෙ හරි හිර කරලා දේවාලයක.යකඩ දම්වැලකින් බැඳලා හිර කරලා අසාධ්‍ය තත්ත්වයෙන් ඉදලා හමු වෙච්ච හස්ති රාජයෙක් තමයි කළණ කියලා කියන්නෙ.කළණව මේ විදිහට අසාධ්‍ය තත්ත්වයෙන් හමු වෙලා තියෙන්නෙ මාතර , දෙව්නුවර ශ්‍රී විශ්ණු දේවාලයේ ඉඳලා. කළණ හස්තියාගේ ශරීරයේ තිබුණ තුවාල මේ වන විට සුව වෙමින් පවතිනවා කියලා තමයි වෛද්‍ය නන්දන පෙරේරා මහතා පවසා සිටියේ.

අසළ මහා පෙරහැරේ කරඬුව වැඩම කරන අලියා බැඳ තිබූ දම්වැල මාරු නොකිරීම නිසා දකුණු කකුලේ හටගෙන තිබුණ බරපතල තුවාලයක් නිසා මෙම හස්තියා පීඩාවට පත් වී තිබෙනවා.

මේකට මැදිහත් වුණ පාලිත තෙවරප්පෙරුම මහතා තමයි මේ ගැන පොලිසියට පැමිණිලි කරලා තියෙන්නෙ.ඒ අනුව පොළිසිය විශ්ණු දේවාලයේ බස්නායක නිලමෙගෙ ලේකම් සහ හස්තියගෙ ඇත් ගොව්වව අත් අඩංගුවට අරගෙන තියෙනවා.එහිදී මේ දෙන්නට ලක්ෂ 2ක බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.

සැප්තැම්බර් මස දෙවෙනිදා ප්‍රතිකාර සඳහා මෙම කළණ හස්තියාව හම්බන්තොට රිදීගම සෆාරි උද්‍යානයට රැගෙන ගොස් තිබෙනවා.

කළණ හස්තියාගේ තුවාලය සම්බන්ධයෙන් කළ විමසීමකදී පශු වෛද්‍ය නන්දන පෙරේරා මහතා පැවසුවේ මේ වගේ දෙයක්.

”කළණගේ පසුපස පාදවල තුවාල මේ වනවිට සම්පූර්ණයෙන් සුව වී තිබෙන්නේ.ඉදිරිපස දකුණු පාදයේ තුවාලය 90% ක් විතර දැන් සනීපයි.සතියකින් විතර මේක තුවාල සම්පූර්ණයෙන්ම සනීප වෙයි කියලා විශ්වාස කරනවා.ඊට පස්සෙ කළණ ඇතාට නිදහසේ ඇවිදින්න අවසර දෙනවා.මේ ප්‍රතිකාර කටයුතු වලට මගේ කණ්ඩායම මට ලොකු සහයක් දුන්නා”

ලෙස පවසා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post