News Line| Off Air| Games
Generic placeholder image

Aug
14

ප්‍රභල දේශපාලඥයෙකුගේ තැන ගන්න පුතුන් දෙදෙනා සටනක.

306 Views


ප්‍රභල දේශපාලඥයෙකුගේ තැන ගන්න පුතුන් දෙදෙනා සටනක.

එක බඩවැල කඩා ගෙන ආවත් තනතුරු, බලය ඉදිරියේ සමහරුන්ට ඒවා අමතක වෙනවා. සහෝදරකම් පැත්තක තියලා මරා ගන්නවා. ඒ වගේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

පහුගිය දා අභාවප්‍රාප්ත වුන එම්. කරුණානිධි මහතාගේ පුතුන් දෙදෙනා අතර සීතල යුද්ධයක් පටන් අරන් තියෙනවා. ඒ කරුණානිධිගෙන් හිස්වුන ඞී එම් කේ පක්ෂයේ නායකත්වය වෙනුවෙන්.

කරුණානිධිගේ වැඩිමහල් පුතු වන එම් කේ අලාගිරි සහ බාල පුතු වන එම් කේ ස්ටාලින් අතර මේ මත ගැටුම හටගෙන තියෙනවා. අලාගිරි කියන්නේ පියාගෙන් ලද දායාදයක් වන ඞී එම් කේ පක්ෂයේ නායකත්වය දැරීමට තමන් සුදුසුයි කියලා. හැබැයි පක්ෂයේ බහුතරයක් එම් කේ ස්ටාලින්ට සහය පළ කරනවා කියලා ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

කරුණානිධිගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා ස්ටාලින් විසින් ගිය අවුරුද්දේ ඉඳන් ඞී එම් කේ පක්ෂය මෙහෙයවනු ලැබුවා. ඒ නිසා පක්ෂය ඇතුලෙන් ලොකු ප්‍රසාදයක් ඔහුට ගොඩ නැගිලා තියෙනවා. කොහොම වුනත් පක්ෂයේ ඇතැම් කි‍්‍රයාකලාපයන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම නිසා අලාගිරිව, 2014 වසරේදී ඞී එම් කේ පක්ෂයෙන් නෙරපා හැරියා.


News Articles
Latest Videos
Most Popular Post