News Line| Off Air| Games
Generic placeholder image

Jun
13

ආරක්ෂාවට ගුවන් යානා 3ක්, ගුවන් යානයේ එද්දී චීනයෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක්, ජංගම වැසිකිලියක් එක්ක උතුරු කොරියානු නායකයා සිංගප්පූරුවට ආව හැටි.

1708 Views


ආරක්ෂාවට ගුවන් යානා 3ක්, ගුවන් යානයේ එද්දී චීනයෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක්, ජංගම වැසිකිලියක් එක්ක උතුරු කොරියානු නායකයා සිංගප්පූරුවට ආව හැටි.

ලෝකයේ තාමත් ප්‍රධානම මාතෘකාව වෙලා තියෙන්නේ පහුගිය දා තිබුණ උතුරු කොරියාව සහ ඇමෙරිකාව අතර සමුළුව. සිංගප්පූරුවේ තිබ්බ මේ සමුළුවට රටවල් දෙකේම රාජ්‍ය නායකයන් ආවේ විශේෂ ආරක්ෂක ක්‍රම එක්ක. විශේෂයෙන්ම උතුරු කොරියානු නායකයා සිංගප්පූරුවට ආවේ විශේෂ ආරක්ෂක සැලස්මක් අනුව.

උතුරු කොරියානු නායකයා සිංගප්පුරුවට එන්න ගුවන් යානා තුනක් යොදා ගෙන තිබුනා. ඉන් ගුවන් යානා දෙකක් සතුරන් නොමග යැවීම සඳහා Decoy Flights විදියට යොදා ගෙන තිබ්බා. IL-76, එයාර් චයිනා බොයිං 747 ගුවන් යානාවක් සහ සෝවියට් රුසියාවේ නිෂ්පාදිත Ilyushin IL62 ගුවන් යානා තමයි ඔහු මේ ගමනට යොදා ගෙන තිබ්බේ.

හැබැයි උතුරු කොරියානු නායකයා සිංගප්පුරුව බලා පැමිණියේ එයාර් චයිනා බොයිං 747 දරණ ගුවන් යානයෙන්. IL-76 දරණ ගුවන් යානයෙන් උතුරු කොරියානු නායකයාගේ නිල රථය, සමුළුව පැවැත්වෙන කාලය තුලදී අවශ්‍ය කරනු ලබන ඔහුගේ ආහාර පාන සහ ජංගම වැසිකිලිය අරගෙන ඇවිත් තිබුණා. උතුරු කොරියානු නායකයාගේ සහෝදරිය සහ අනෙක් නියෝජිතයින් සෝවියට් රුසියාවේ නිෂ්පාදිත Ilyushin IL62 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුවට ඇවිත් තියෙනවා.

සාමාන්‍ය උතුරු කොරියාවේ ඉඳන් සිංගප්පුරුවට එන්න ගුවන් යානයකට පැය 6.5 ක කාලයක් ගත වෙනවා. හැබැයි උතුරු කොරියානු නායකයාගේ ගුවන් ගමනට පැය 10 ක් ගත වෙලා තියෙනවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ උතුරු කොරියානු නායකයා චීනය හරහා වෙන්වූ ආරක්‍ෂිත ගුවන් මාර්ගයකින් පැමිණීමයි. කිම් ජොන් අන් චීනයට ඉහළින් පියාසර කරද්දී චීනයෙන් සුවිශේෂි වූ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරලා තියෙනවා.

තවත් විශේෂ කාරණයක් තමයි කිම් ජොන් අන් ජංගම වැසිකිලියක් අරගෙන ඇවිත් තිබ්බා. ඒ ඔහුගේ මළමුත්‍රා CIA ඇතුළු විදෙස් රහස් ඔත්තු සේවාවන් අතට පත්වීම වළක්වන්න. මොකද පුද්ගලයෙකුගේ මළමුත්‍රා පරික්ෂා කරලා ඔහුට තියෙන රෝගාබාධ, ලබා ගන්නා ඖෂධ ආදිය හොයා ගන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post