News Line| Off Air| Games
Generic placeholder image

Jun
28

කොරියාව ලෝක ශූර ජර්මනිය ගෙදර යවයි. FIFA කුසලානය තවත් උණුසුම් වෙයි.

539 Views


කොරියාව ලෝක ශූර ජර්මනිය ගෙදර යවයි. FIFA කුසලානය තවත් උණුසුම් වෙයි.

රුසියාවේ පැවැත්වෙන FIFA පාපන්දු කුසලානය දවසින් දවස උණුසුම් වෙනවා. ලෝකයේම අවධානය දිනා ගත්ත තවත් තරඟයක් ඊයේ පැවැත් වුණා. ඒ පහුගිය වර FIFA කුසලානය ජයග්‍රහණය කල ජර්මනිය සහ දකුණු කොරියාව අතර.
ඉතාම තියුණු තරඟයක් වුණ මේ තරඟයේ පලවෙනි අර්ධයේ කිසිම ගෝලයක් ලබා ගන්න කණ්ඩායම් දෙකටම බැරි වුණා. ඒ නිසා දෙවෙනි අර්ධයේදී තරඟය තවත් උණුසුම් වුණා. දෙවෙනි අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල ලබා ගන්න අවස්ථාව ලැබුණේ නෑ.
හැබැයි ලැබුන අමතර කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත්ත කොරියාව 92 වෙනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළා. Kim Young-gwon කොරියාව වෙනුවෙන් තවත් ගෝලයක් වාර්තා කරා. මේ නිසා ජරමනියට දැඩි පීඩනයක් එල්ල වුණා.
ඒ නිසාම ජර්මනියේ දැල් රකින්නත් පිටිය මැදට ඇවිත් ක්‍රීඩා කරා. ඒ අවසරයෙන් තවත් මිනිත්තු 3 ක් ගත වෙද්දී තවත් ගෝලයක් වාර්තා කරන්න කොරියාව සමත් වුණා. ඒ ජර්මනිය මෙවර පාපන්දු කුසලානයේ මූලික වටයෙන්ම ගෙදර යවලා.
https://youtu.be/OKjV2SQfKrw
ඊයේ රාත‍්‍රියේ පැවති තවත් තරගයකින් ගෝල තුනට බිංදුවක් ලෙස මෙක්සිකෝව පරාජය කළ ස්වීඩනය ද දහසයේ වටයට සුදුසුකම් ලබාගත්තා. තීරණාත්මක තරඟයක් වුන සර්බියාව සහ බ‍්‍රසීලය අතර තරඟයෙන් ගෝල දෙකට බිංදුවක් විදියට ජයගන්න බ්‍රසීලය සමත් වුණා.
https://youtu.be/_dusyi-4pMs
කොස්ටරිකාව සමග පැවති තරගය සමවීමත් සමග ස්විස්ටර්ලන්තය ද දහසය දෙනාගේ වටයට ඊයේ රාත‍්‍රියේ සුදුසුකම් ලබාගත්තා. ඒ තරඟය අවසන් වුණේ ගෝල 2 – 2 ක් විදියට.


News Articles
Latest Videos
Most Popular Post