News Line| Off Air| Games
Generic placeholder image

Sep
28

ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩදාන සැලැස්ම සංගක්කාර හෙළිකරයි.

2685 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩදාන සැලැස්ම සංගක්කාර හෙළිකරයි.

ලංකාව මේ වෙද්දී වැටිලා ඉන්න ක්‍රිකට් අගාධය ගැන හිටපු ක්‍රීඩකයින් කතා කරන්න පටන් අරන් තියෙනවා. වැටුන තැනින් නැගිටින්න ඕන විදිය කුමාර් සංගක්කාර හෙලිකරා. ඒ ද හින්දුස්ථාන් වෙබ් අඩවිය සමඟ කල සාකච්ඡාවකදී.

” අපට නිවැරදි උපාය මාර්ග තිබෙනවාද යන්න මුලින්ම සිතා බැලිය යුතුයි. අප එම උපාය මාර්ගයන්ට අනුව කටයුතු කරනවද නැත්නම් ඒවා වෙනස් කරනවාද යන්න සොයා බැලීම වැදගත්. තරගාවලියන් වලදී අප ලබන ප්‍රතිපලය වැදගත්, නමුත් අපේ ඉලක්කය විය යුත්තේ 2019 වසරේ පවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියයි. කණ්ඩායමට ස්ථාවර පිතිකරු පෙළගැස්මක තිබීම වැදගත්. ආරම්භක පිතිකරුවන් කවුරුන්ද යන්න අප හදුනා ගත යුතුයි. කවුරුන්ද අංක 3 පිතිකරු එමෙන්ම අංක 6 ස්ථානයේ පන්දුවට පහර දෙන පිතිකරුවා කවුරුන්ද යන්න ගැන අප හදුනා ගැනීම වැදගත්” කියලයි සංගා කිව්වේ.

ක්‍රීඩකයින්ගේ අඩුපාඩු හදන හැටිත් සංගා සඳහන් කරා. ” එලෙස හදුනාගත් ක්‍රීඩකයින්ට සිය ස්ථානය තහවුරු කර ගැනීමට කාලයක් ලබා දිය යුතුයි වාගේම ඔවුන්ගෙන් කණ්ඩායමට බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න ගැන පෞද්ගලිකව සාකච්ජා කළ යුතුයි”.

” පිතිකරුවන් උඩට පහලට ඇදීම තුලින් සිදුවන්නේ ඔවුන්ගේ විශ්වාසනිත්වය බිඳ වැටීමයි. ආරම්භක පිතිකරුගේ සිට අංක 4 දක්වා වන පිතිකරුවන් කවුරුන්දැයි හදුනා ගත යුතුයි. මන්ද ඔවුන් තමයි ඉණිමේ එන්ජිම වන්නේ. අනෙක් පිතිකරුවන් ඔවුන් වටා හිදිමින් සිය ඉණිම ගොඩනැගිය යුතුයි. පිතිකරණ ලැයිස්තුවේ අංක 3 සහ 4 වැදගත්ම ස්ථානයයි. සියලුම බර සිය උරහිස දරන්නේ ඔවුන් විසින්”

“ඒ වාගෙමයි අංක 5 සහ 6 පිතිකරුවන් දෙදෙනා අවශ්‍ය මොහොතේදී ප්‍රවේගවත් පිතිකරණයේ යෙදීමට හැකියාවක් තිබිය යුතුයි. නමුත් යම් හෙයකින් මුල් පෙළ කඩා වැටීමකට ලක්වූ විට කඩා වැටුණු ඉණිම ගොඩනැගීමට ඔවුන්ට හැකියාව තිබිය යුතුයි. තම තමන්ට නියමිත භූමිකාව ඉටු කිරීමට ඔවුන් තුල අදහසක් තිබීම වැදගත්. නමුත් ඔවුන්ට නියමිත ස්ථාන වල ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා නොදීමෙන් බලාපොරොත්තුවන ප්‍රතිපල ලබා ගැනීමට හැකියාවක් නැහැ.”


News Articles
Latest Videos
Most Popular Post