News Line| Off Air| Games
Generic placeholder image

Jul
9

ක්‍රිකට් නිලවරණ ගැටලුව නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එළැබෙන අගෝස්තුවේ තරඟාවලි 2 ක් අහිමිවීමේ අවධානමක්.

2796 Views


ක්‍රිකට් නිලවරණ ගැටලුව නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එළැබෙන අගෝස්තුවේ තරඟාවලි 2 ක් අහිමිවීමේ අවධානමක්.

ලබන අගෝස්‌තු මාසයේ තමයි ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) විස්‌සයි විස්‌ස තරඟාවලිය පැවැත්වීමට නියමි තිබුනේ. එත් මේ වෙද්දී මේ තරඟාවලිය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතවෙලා තියෙනවා කියල සියත 24 අපට ආරංචි වුණා. මේකට ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නිලවරණය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක්‌ විභාග වීම.

එල්.පී.එල්. තරඟාවලිය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබුණත්, වත්මන් තත්ත්වය අනුව තරඟාවලියට මොකද වෙන්නේ කියල තමන් බලන් ඉන්නවා කියලයි තරඟාවලි අධ්‍යක්‌ෂක රසල් ආනල්ඩ් කියන්නේ.

‘ක්‍රිකට්‌ නිලවරණය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව නිසා එල්.පී.එල්. තරඟාවලිය යොදාගත් පරිදි පවත්වන්න නොහැකි තත්ත්වයක්‌ උද්ගත වෙලා තියෙනවා. දැන් තත්වය අනුව ආපහු මුල ඉදන්ම පටන් ගන්න වෙනවා. මීට කලින් එස්‌.එල්.පී.එල්. එකක්‌ ගැහුවා ඒකත් හරියට කෙරුණේ නැහැ.’ කියලයි ආනල්ඩ් කියන්නේ.

තරඟාවලි අධ්‍යක්‌ෂවරයා වශයෙන් සහ තරඟාවලිය සම්බන්ධයෙන් ක්‍රීඩකයින් සමග ගණුදෙනු කිරිමේදී ඔවුන්ගේ විශේෂ උනන්දුවක්‌ තිබුණා කියලයි ඔහු වැඩිදුරටත් කියන්නේ.

‘මම ක්‍රීඩකයින් ගොඩක්‌ කට්‌ටිය එක්‌ක කතා කළා. අපි හිතුවටත් වැඩිය විදෙස්‌ ක්‍රීඩකයින් කැමැත්ත පළ කරලයි තිබුණේ. මේ කාලයේදී කැරිබියන් විස්‌සයි විස්‌ස තිබුණත් කොදෙව් ක්‍රීඩකයින් කිහිහිප දෙනෙකුත් එන්න කැමැති වුණා.’

එල්.පී.එල්. තරගාවලිය පැවැත්වීම නිසා ශ්‍රී ලංකා ජාතික පිලේ ක්‍රීඩකයින් කැරිබියන් විස්‌සයි විස්‌ස තරඟාවලියෙනුත් ඉවත් වුණා. ඒ හේතුවෙන් ඔවුන්ට අදාළ තරඟාවලි දෙකම අහිමි වී යාමේ අවධානමකුත් මේ වෙද්දී මතුවෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post