News Line| Off Air| Games
Generic placeholder image

Jun
30

ලයනල් මෙසීට ගෝල වාර්තා කරන්න වාසනාව ගෙනා මාධ්‍යවේදියා දුන්න රතු රිබන් පටිය. – Video

756 Views


ලයනල් මෙසීට ගෝල වාර්තා කරන්න වාසනාව ගෙනා මාධ්‍යවේදියා දුන්න රතු රිබන් පටිය. – Video

2018 FIFA ලෝක කුසලානය පාපන්දු රජු ලයනල් මෙසීට හිතපු තරම් හොඳ එකක් වුණේ නෑ. හැබැයි මූලික වටයේ අවසන් තරඟයේදී සුපිරි ගෝලයක් වාර්තා කරන්න ඔහු සමත් වුණා. කලින් තරඟ වලදී අසාර්ථක වුන මෙසී අවසන් තරඟයේදී ගෝල වාර්තා කල රහස මේ වෙද්දී හෙළි වෙලා තියෙනවා.

ලෝක කුසලානය අවාරණය කරන්න සහභාගී වෙලා ඉන්න මාධ්‍යවේදියකු මාධ්‍ය හමුවක් අතරතුර මෙසීට ‘රතු පාට රිබන් පටියක්‘ ලබාදුන්නා. මාධ්‍යවේදියාගේ මව තමයි මෙසීට දෙන්න කියලා මේ වාසනාව ගේන පටිය දීලා තියෙන්නේ.

ඒ පටිය පසුගිය 16 වෙනිදා අයිස්ලන්තය හා ආජන්ටිනාව අතර තරඟයට පෙර මෙසීට ලබාදෙන අතරේ ‘‘මගේ අම්මා කීවා මෙය ඔබට ලබාදෙන්න කියලා..එයා මටත් වැඩිය ඔබට ආදරෙයි..ඒ වාසනාව ගේන රතුපාට රිබන් පටිය මම අරගෙන ආවා ඔබට එය ඕන නම් මට දෙන්න පුලුවන් එය පරිස්සමින් ළඟ තබාගන්න‘‘කියලා කිව්වා.

ආජන්ටිනාව හා නයිජීරියාව අතර පැවති තරඟයෙන් පස්සේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මාධ්‍යවේදියා නැවත්ත මෙසීගෙන් ඒ රතු රිබන් පටිය ගැන අහනවා. ඒ වෙලාවේ හැමෝම පුදුමයට පත් කරමින් මෙසී එය ඔහුගේ කකුලේ බැඳගෙන තියන හැටි පෙන්නුවා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ Video එක.

https://streamable.com/tl8pg


News Articles
Latest Videos
Most Popular Post