News Line| Off Air| Games
Generic placeholder image

Aug
7

ශ්‍රී ලංකාව ක්‍රිකට් වලින් ඇමෙරිකාව පරාදයි. – Photo

1021 Views


ශ්‍රී ලංකාව ක්‍රිකට් වලින් ඇමෙරිකාව පරාදයි. – Photo

අතීතයේ දවස් ගණන් ගහපු ක්‍රිකට් දැන් දියුණු වෙලා. වේගවත් වගේම කෙටි ක්‍රීඩා රටා ක්‍රිකට් වලට හඳුන්වලා දීලා තියෙනවා. T20. T10 වගේම ජනප්‍රිය ක්‍රිකට් තරඟ රටාවක් තමයි “ලාස්ට් මෑන් චාන්ස්” ක්‍රිකට් කියන්නේ.

අවසන් පිතිකරුවාටත් පන්දුවට පහර දෙන්න අවස්ථාවක් ලැබීම තමයි මේ ක්‍රිකට් රටාවේ විශේෂත්වය. 2017 ලාස්ට් මෑන් චාන්ස් ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත්තෙත් ශ්‍රී ලංකාව. 2018 ලාස්ට් මෑන් චාන්ස් ලෝක ශූරතා ක්‍රිකට් තරඟාවලිය මේ දවස්වල පැවැත්වෙනවා.

මේ තරඟාවලියේ මේ දක්වා තිබ්බ තරඟ 2 ම ජයගන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. අජන්ත මෙන්ඩිස් ලංකාවට නායකත්වය දෙනවා. ඇමෙරිකාව ඊයේ තිබ්බ තරඟය කඩුලු 6 කින් ශ්‍රී ලංකාව ජය ගත්තා. ඒ අජන්ත මෙන්ඩිස්ගේ සපිරි දස්කම් නිසා.

මුලින්ම පන්දුවට පහර දුන්න ඇමෙරිකාව පන්දුවාර 20 දී ලකුණු 147 ක් ලබා ගත්තා. ඒ කඩුලු 6 ක් දැවී. පන්දුවාර 14 කදී ඒ ඉලක්කය සපුරා ගන්න ශ්‍රී ලංකාව සමත් වුණා.

තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වූ අජන්ත මෙන්ඩිස් ලකුණු 53ක් සහ කඩුළු 02ක් දවා ගත්තා. තරගයේ වීරයා අජන්ත මෙන්ඩිස්. මෙවර ‘‘ලාස්ට් මෑන් චාන්ස්’’ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය් සඳහා රටවල් 12 ක් සටන් වදිනවා.


News Articles
Latest Videos
Most Popular Post