News Line| Off Air| Games
Generic placeholder image

Apr
10

එල්.ටී.ටී.ඊ. ආයුධ ගබඩාවක් පොළවෙන් මතුවෙයි. – Photo

853 Views


එල්.ටී.ටී.ඊ. ආයුධ ගබඩාවක් පොළවෙන් මතුවෙයි. – Photo

තිස් වසරක් පුරාවට තිබ්බ කුරිරු යුද්ධයේ අඳුරු මතක තාමත් තැනින් තැන මතු වෙනවා. ඒ විදියට එල්.ටී.ටී.ඊ. සංවිධානය වල දමන ලද ආයුධ තොගයක් ඊයේ (9) ගොඩ ගත්තා.

වව්නියාව හා මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව තමයි මේ ආයුධ තොගය ගොඩ ගත්තේ. වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ පස් කපන යන්ත්‍රයක් යොදා ගනිමින් සිදු කල කැනීම්වලදී වල දමන ලද යුද උපකරණ ගබඩාව මෙලෙස සොයා ගත්තා.

කාලතුවක්කු උණ්ඩ 34 ක්, පුද්ගල නාශක අත්බෝම්බ 34 ක්, කොටි සංවිධානය විසින් නිශ්පාදිත අත්බෝම්බ 22 ක්, පුද්ගල නාශක බිම්බෝම්බ 48 ක්, ආර්.පී.ජී. උණ්ඩ 7ක්, එම්.පී.එම්.ජී. බර අවි උණ්ඩ 2000 ක්, ගුවන් යානා නශාක උණ්ඩ 1710 ක්, ක්ලේමෝ බෝම්බ 4 ක්, අධි බලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 48ක්, එල්.ටී.ටී.ඊ .සාමාජිකයින්ගේ නිල ඇඳුම් ඇතුලු යුද උපකරණ රැසක් මේ අතර තිබ්බා.

මෙම ප්‍රදේශය යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ආයුධ ගබඩාවක් වශයෙන් පවත්වාගෙන ගිහින් තියෙනවා. යුද උපකරණ තොගය මුලතිව් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව විනාශ කිරීමටද මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පියවර ගත්තා.


News Articles
Latest Videos
Most Popular Post