News Line| Off Air| Games
Generic placeholder image

Jul
24

ලොවටම කියා කසාද බැඳපු මධුමාධව ලොවටම කියා දික්කසාද වෙයි. – Photo

3172 Views


ලොවටම කියා කසාද බැඳපු මධුමාධව ලොවටම කියා දික්කසාද වෙයි. – Photo

විවාහයක් කියන්නේ දෙදෙනෙක් එකතු වුණා කියලා පෙන්නන ලියවිල්ලක් විතරයි. කසාද සහතිකයක් තිබ්බට දෙන්නෙක්ගේ හිතේ ඒ බැඳීම නැත්නම් ජීවත් වෙන්න අමාරුයි.

මධුමාධව අරවින්ද ඊයේ ඔහුගේ දෙවෙනි විවාහයටත් තිත තිබ්බා. මධුමාධව දෙවෙනි වතාවට විවාහ වෙලා හිටියේ රෙනූෂා එක්ක. විවාහය දවසෙත් ලෝකෙටම කිව්ව මධුමාධව දික්කසාදය ගැනත් ලෝකෙටම කිව්වා. ඒ Facebook එකේ සටහනක් තියලා. අරවින්ද යායේ පිපෙන තවත් මලක් ගැන ඉඟියකුත් මේ සටහනේ තියලා තියෙනවා.

මේ තියෙන්නේ ඒ සටහන.

දෙපා නැමද සමු ගමු අපි අම්මේ
උසාවියෙදි අම්මට සමුදුන්නේ

ඇය වෙනුවෙන් මම සුදු කොඩි දැම්මා.ඒ බව දන්නේ නෑ ඇගෙ අම්මා……
ජීවිතය අපිට බොහෝ දේ දෙනවා වගේම ගන්නව අම්මෙ….
මාව බදාගෙන ඇය මට සමුදුන්නා.
ඇගේ අය්යාත් මට සමුදුන්න….
මගේම අම්ම නොවුනත් නැන්දම්මෙක් උනේ නෑ ඇය මට මියගිය ඇගේ ස්වාමියා වගේම.ඔහු ආදරනීය තාත්ත කෙනෙක්.

ඉතින් රෙනූශාගෙයි මගෙයි කතාව අද නිම උනා… බදිනකොට රටටම කියන මගුල වගේම වෙන්වීමත් කියන්න ඕනෙ….දික්කසාදය හන්ගන්න තරම් බොරුවක් නෙවෙයි මම.

පිහිමන්න වලින් මරාගෙන අපහාස නොකර වෙන්වීමේ කලාව අපි ලියමු අම්මෙ…

ඇයට සාරියක් දීලා දෙපා අල්ලා වැන්දා….
ඇය මාව බදාගෙන හිස සිප මගෙ රත්තරන් පුතා කියා කියද්දී මගේ පපුව පිච්චුනා ආදරෙන්.

ඔව් කවුරුත් නොකරන දේ සමහර විට කරන්නෙ පනිවිඩයක් දෙන්න….

යන හුලගට සාප කරන්වට..අතහරින හීනෙට පරිබව නොකර සිප අත හැරීම
අපිට ඉතුරු කරනවා… ඇත්තක්……

අපිට හෙවන දුන්න ගස් වලට අපි ආදරෙයි..

ඉතින් ආදරනීය රෙනූශා ඔබට හොදක් වෙන්න කියා පතනවා හදවතින්……
දුන්න ආදරය වගේම කවපු බත් කටක් ගානේ
මතකයි…..
ජීවිතේ ඉවර නෑ….
කිසිවක් ම සිදුවී හමාර නෑ….
සියලුදේ සිදුවෙමින් පවතිනවා……

ඔබේ යායේ මල් පිපේවා…..

අරවින්ද යායෙත් මලක් පිපෙනවා….
දූවිලි මැදින් මාව අත්දෙකටම ගත්ත ඇය බලාගෙන ඇති…මම ඔබට සමුදුන්න හැටි….

මට කිසි මතකයක් ගෙනියන්න ඕනෙ නෑ…හැබැයි කිසිදෙයක් අමතක වෙන්නෙත් නෑ….

අපි ගැන තියෙන අවසන් සටහන…..මෙ.

ආදරනීය හිතවතුනේ අද උසාවියකදී
මගෙත් රෙනූශාගෙත් කතාව නීතියෙන්
අවසන් උනා….අපි ඊට කලින් අපිව අවසන් කල නිසා…

සමුගැනීම් කලාවක් නම් මම එහි පිකාසෝ වෙමි…

මෙසේ සමුදෙනු දැක නැතිනම්……
මතක තියා ගන්න මම ඇත්තක්.

මදු මාදව අරවින්ද
2018/07/23


News Articles
Latest Videos
Most Popular Post