News Line| Off Air| Games
Generic placeholder image

Jul
24

“ඇමති පොරොන්දු ඉටු කරේ නෑ. පුහුණුකරුවෙක් වෙන්න කැමති නෑ. දැන් කිසිම Plan එකක් නෑ.” – දැන් ක්‍රිකට් ගැන මහේල මුල්වරට කතා කරයි. – Video

894 Views


“ඇමති පොරොන්දු ඉටු කරේ නෑ. පුහුණුකරුවෙක් වෙන්න කැමති නෑ. දැන් කිසිම Plan එකක් නෑ.” – දැන් ක්‍රිකට් ගැන මහේල මුල්වරට කතා කරයි. – Video

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුන දක්ෂ නායකයෙක් සහ ක්‍රීඩකයෙක් තමයි මහේල ජයවර්ධන. මහේල ඊයේ BBC සිංහල සේවය සමඟ සම්මුක සාකච්ඡාවකට එකතු වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන වැදගත් තොරතුරු රැසක් මේ සාකච්ඡාවේදී කතා බහ කරා.

පහුගිය කාලයේ ක්‍රිකට් ගොඩගන්න හදපු වාර්තාව ක්‍රියාත්මක කරන්න බෑ කියලා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කරා කියලා මහේල චෝදනා කරා. “ක්‍රිකට් ආයතනයත් හිටපු ක්‍රීඩා ඇමැතිත් එකම දේශපාලන රාමුවක ඉන්නේ. අපිව මුලින් කැඳෙව්වේ ඒ දේවල් වෙනස් කරනවා කියලා. හැබැයි අපිට දුන්න පොරොන්දුව ඉටු කරේ නෑ.” කියලා මහේල චෝදනා කරනවා.

තිලංග සුමතිපාල හිටපු ක්‍රිකට් සභාපති මහේලට කරපු චෝදනා වලටත් මහේල මේ සාකච්ඡාවේදී උත්තර දුන්නා. “අපි කියපු දේවල් ඔහුට වාසි වෙන විදියට අර්ථ දක්වලා තමයි කිව්වේ. එක තමයි දේශපාලනය කියන්නේ.” කියලයි මහේල කිව්වේ.

මහේලට සහ සංගාට තියෙන ලොකු චෝදනාවක් තමයි ලොකු කාලයක් කණ්ඩායමේ එකම ස්ථානයේ සෙල්ලම් කරා කියන එක. “සංගා වගේම මමත් කණ්ඩායමට ආපු කාලයේ එක එක ස්ථාන වල සෙල්ලම් කරා. හැබැයි අපි සෙල්ලම් කරපු කාලයේ තිබ්බ එකම ඉලක්කය තරඟ දිනන එක සහ ලෝක කුසලාන දිනන එක. ඒ නිසයි අපි එකම ස්ථානයේ ක්‍රීඩා කළේ” කියලා මහේල ඒ චෝදනාවට උත්තර දුන්නා.

මේ වෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් වල තියෙන බරපතලම ප්‍රශ්නයක් තමයි ක්‍රීඩකයන්ගේ විනය විරෝධී වැඩ. ක්‍රීඩකයන්ට හරි මඟ පෙන්වන්න නිසි සැලැස්මක් නැති වීම මේකට හේතුව කියලයි මහේල කියන්නේ.

කාලයක් ලංකාවේ තරඟ දිනවන්න වුන ලසිත් මාලිංග කණ්ඩායමෙන් ඉවත් කරලා තිබීම ගැනත් මහේල මේ සාකච්ඡාවේදී කතා කරා. “කැනඩාවේ තිබ්බ තරඟාවලියෙත් ඔහු හොඳට පන්දු යවලා තිබ්බා. ඔහුගේ දක්ෂතාවයේ වෙනසක් මම නම් දකින්නේ නෑ. මාලිංගගේ දක්ෂතාවයන් අනුව ලෝක කුසලානය දක්වා සෙල්ලම් කරන්න මාර්ගය හදන්න ඕන” කියලයි මහේල කිව්වේ.

කොදෙව් සංචාරයේදී ලංකාවේ හැසිරීමට ICC ය දුන්න දඬුවම ගැනත් මහේල අදහස් දැක්වුවා. දැන් තියෙන ක්‍රිකට් නීති අනුව ඒ දඬුවම සාධාරණයි කියලයි ඔහු කිව්වේ. ඒ වගේම අර්ජුනගේ කාලයට වඩා මේ කාලයේ තියෙන නීති වෙනස් කියලත් ඔහු කිව්වා. විරෝධතාවය දක්වපු වෙලාවේ සෙල්ලම් කරා නම් අපිට ඒ තරඟය දිනන්න තිබ්බා කියලත් මහේල සඳහන් කරා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීම ගැනත් මහේල ලොකු හඬක් නැඟුවා. වසර ගණනක් ක්‍රීඩා කරපු ක්‍රීඩාංගණයක් ඉවත් කරලා ඊට ඔබ්බෙන් තවත් ක්‍රීඩාංගණයක් සල්ලි වියදම් කරලා ඉදිකිරිම බොරු වැඩක් කියලා මහේල කිව්වා. “එක කණ්ඩායමක් ආවම සූරියවැව ක්‍රීඩා කරන්නේ නෑ. අනිත් කණ්ඩායම් ආවම දඹුල්ලේ ක්‍රීඩා කරන්නේ නෑ. දැන් හදලා තියෙන ක්‍රීඩාංගණ හොඳටම ඇති.” කියලයි මහේල කිව්වේ.

කුමාර සංගක්කාර දේශපාලනයට අවොත් හොඳයිද කියලත් මහේලගෙන් මේ සාකච්ඡාවේදී ඇහුවා. ඒක සංගාගේ තීරණයක් කියලයි මහේල කිව්වේ. ‘අපි පහුගිය කාලේ දේශපාලනඥයින් එක්ක හැප්පුණා. විශේෂයෙන්ම සංගා. අපි ඒ ගැන කලකිරීමෙන් ඉන්නේ. මං හිතන්නේ නෑ ආයෙත් ඔහු ඒ වගේ දෙයකට පෙළඹෙයි කියලා”

මේ සාකච්ඡාවේදී හෙට අනිද්දා ක්‍රිකට් වලින් සමුගන්න ඉන්න හේරත්ව අගයන්නත් ඔහු අමතක කරේ නෑ. රංගන හේරත්ගේ අවසාන තරඟයේදී එතන ඉඳලා ඔහුට අවශ්‍ය සහයෝගය දෙනවා කියලත් මහේල කිව්වා.

https://www.facebook.com/BBCnewsSinhala/videos/1082130738611340/


News Articles
Latest Videos
Most Popular Post