News Line| Off Air| Games
Generic placeholder image

Sep
23

සැමියා ගැන රටට හංගන හේතුව මහේෂි මුල්වරට මාධ්‍යට කියයි.

1326 Views


සැමියා ගැන රටට හංගන හේතුව මහේෂි මුල්වරට මාධ්‍යට කියයි.

මහේෂි මධුශංකා කියන්නේ පුංචි තිරයේ ජනප්‍රිය නිළියක්. හැබැයි පහුගිය කාලයේ මහේෂිව රූපවාහිනියේ දකින්න ලැබුනේ හරිම අඩුවෙන්. ඒ වගේම තමයි මහේෂිගේ සැමියා කවුද කියලත් රසිකයන් අතර ලොකු කුතුහලයක් තියෙනවා. මහේෂි, සැමියා ගැන රටට නොකියන හේතුව වගේම තවත් තොරතුරු පුවත්පතකට කියලා තිබ්බේ මෙහෙමයි.

මහේෂි දැන් වෙළෙඳ දැන්වීම්වල පමණද රඟපාන්නේ.?
වෙළෙඳ දැන්වීම්වල විතරක් නෙමෙයි ටෙලි නාට්‍ය සහ චිත්‍රප‍ටවල රඟපානවා. මේ දවස්වල රසිකයො වැඩිපුර මාව දකින්නෙ රූපලාවණ්‍ය වෙළෙඳ දැන්වීමකින්. ඒ ගැන වෙන්න ඇති ඔය අහන්නෙ.

ඔබ එම දැන්වීමේ පෙනී සිටින්නේ අපේ නිළි රැජනත් සමගයි .?
ඔව්. අපේ නිළි රැජන මාලිනී ෆොන්සේකා මගේ ප්‍රියතම රංගන ශිල්පිනිය. ඇයත් සම්බන්ධ වූ නිසා ඉතාමත් ආසාවෙන් තමයි එම දැන්වීම කෙළේ. එතුමිය තමයි හැමදාමත් මගේ සිහින කුමාරිකාව. මම හිතන්නෙ අපේ රටේ එතුමියට ආදරය නොකරන කෙනෙක් නැහැ.

කොහොමද කලාවට සම්බන්ධ වෙන්නේ.?
මගේ අම්මා, තාත්තා සහ මම සිටියේ ඕමාන් රටේ. එහිදී සුනිල් සෝම පීරිස් මහතාගේ මුනුපුරා අපට හමුවුණා. ඔහුගේ මාර්ගයෙන් තමයි කලාවට එන්නට අවස්ථාව ලැබුණේ.

අලුත් නිර්මාණවලට සම්බන්ධවුණේ නැද්ද?
මේ දවස්වල රංගනයෙන් දායකවු නිර්මාණ බොහොම අඩුයි. ඉදිරියේදි තවත් අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වන අදහසක් තිබෙනවා.

මහේෂි කලක් පුංචි තිරයට නැතිවම බැරි රංගන ශිල්පිනියකව සිටියා.?
එහෙම එක දිගට වැඩ කළ කාලයක් තිබුණා.එම නිර්මාණ සඳහා හොඳ අධ්‍යක්ෂවරු සහ හොඳ පිටපත් රචකයන් සම්බන්ධ වුණා . නමුත් දැන් හැදෙන බොහෝ නිර්මාණ ගැන නම් සතුටුවෙන්න බැහැ.

ඒකද සිනමාවෙ දකින්න නැත්තේ .?
ජීවිතය ලස්සනයි මගේ පළමු චිත්‍රපටය. ඉන් පසුව සිංහයා, සිහින ලොවක් සොයා චිත්‍රපටවල රඟපෑවා. කොහොමත් චිත්‍රපට තුනකයි රඟපෑවේ.

ඔබ කලාව ගැන කලකිරීමෙන්ද ඉන්නෙ.?
ඇයි එහෙම ඇහුවේ. කලකිරීමක් නැහැ. මම දැන් කොහොමත් අවුරුද්දකට ටෙලි නාට්‍ය දෙකක් පමණක් කරනවා කියන මතයේ ඉන්නෙ. දැන් අපේ රටේ වැඩිපුර පෙන්නන්නේ ඉන්දියන් හෝ කොරියන් ඩ්‍රාමානේ. ඒ නිසා අපේ රංගන ශිල්පීන්ට සහ ශිල්පිනියන්ට වැඩ අඩුයි. ඒ වගේම නවක රංගන ශිල්පීන් සහ ශිල්පිනියනුත් කලාවට අවතීර්ණ වෙලා සිටින නිසා ඒ අයටත් වැඩ බෙදිල යනව.

ඒ කියන්නෙ නවක රංගන ශිල්පිනියන් අභියෝගයක් කියන එකද?
එහෙම දෙයක් නැහැ. දැනටත් මම අලුත් ටෙලි නාට්‍යයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම කැමැතියි නවකයන් කලාවට අවතීර්ණවීම ගැන. එතකොට තමයි කලාව තුළ හොඳ තරගයක් දිය හැකිවන්නේ. නවක සහ ප්‍රවීණ සියලු දෙනාම මා ළඟින් ඇසුරු කරනවා. නවක රංගන ශිල්පිනියන් මට අභියෝගයක් නෙමෙයි.

කලාවට මෙයට වඩා දායකත්වයක් දෙන්න තිබුණා කියා හිතෙන්නෙ නැද්ද?
ටෙලි නාට්‍ය රංගනය ගැන මම තෘප්තිමත්. ටෙලි නාට්‍ය රංගනය නිසයි මාව මිනිසුන් අතරට ගියේ. නමුත් චිත්‍රපට පැත්තෙන් නම් මට හිතෙනවා මීට වඩා දෙයක් කරන්න තිබුණා කියා. ඒ ගැන පොඩි කනගාටුවක් තියෙනවා. හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් කැමැත්තෙන් බාර ගන්නවා.

කලා ක්ෂේත්‍රයේ ළඟින්ම ඇසුරු කරන්නේ කවුද?
මම කෙටිකාලයක් ඇතුළත රංගන ක්ෂේත්‍රයේ සියලුම රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් සමග රඟපෑවා. දිනක්ෂි, ශලනි, රුවන්ගි වගේ රංගන ශිල්පිනියන් මා ළඟින් ඇසුරු කරනවා.

මහේෂි ඇයි විවාහය ගැන වැඩිය කතා කරන්න කැමැති නැත්තෙ?
මම විවාහකයි. සමහර අය අහනවා කවුරු සමගද මම විවාහවෙලා ඉන්නේ, ඔහු මොනවද කරන්නේ ආදි ප්‍රශ්න. මට අහන්න තියෙන්නෙ මගේ මහත්තයාගෙ විස්තර කාටවත් මොකටද කියලා? ඒව පිටට නොදෙන නිසයි අපේ පවුල් රැකිලා තියෙන්නේ. ලංකාවේ මිනිසුන්ට වෙන වැඩ නැතිවද මන්දා අනුන්ගෙ දේවල් හොයන්නෙ. මට කියන්න තියෙන්නෙ මම ඉතා සතුටින් සාර්ථක පවුල් ජීවිතයක් ගෙවනවා කියන එක.


News Articles
Latest Videos
Most Popular Post