News Line| Off Air| Games
Generic placeholder image

Oct
3

හිටපු ජනපතිගේ නමින් නීති විරෝධී වැඩ – පොළිසියට පැමිණිලි

750 Views


හිටපු ජනපතිගේ නමින් නීති විරෝධී වැඩ – පොළිසියට පැමිණිලි

තම නමට සමාන නාමයක් ඇති වෙනත් පුද්ගලයකු තමාගේ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම භාවිතා කරමින් නීතිවිරෝධි කටයුතු වල නිරත වන බව රොහාන් වැලිවිට මහතා පවසනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ එම පුද්ගලයා විසින් කප්පම් ඉල්ලීම පොලීසිය ඇතුලූ රාජ්‍ය ආයතන වලට බලපෑම් කිරීම වැනි ක‍්‍රියාවල නිරත වන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි යැයි පවසමින් අදාල පුද්ගලයා විසින් එම කටයුතු සිදු කරන බව අදාල නිවේදනයේ සදහන්
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට හෝමාගම පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද එම නිවේදනය මගින් ඔහු සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post