News Line| Off Air| Games
Generic placeholder image

Sep
23

පුබුදුගේ සහ මාෂිගේ අලුත් ජීවිතය ගැන මාෂි කතාව.

1025 Views


පුබුදුගේ සහ මාෂිගේ අලුත් ජීවිතය ගැන මාෂි කතාව.

ලංකාව ආදරය කරන යුවළක් තමයි පුබුදු සහ මාෂි. අවුරුදු 8 ක ආදර කතාවකට පස්සේ පහුගිය මාර්තු මාසයේ දෙන්නා එක වහලක් යටට වුණා. දෙන්නගේ අලුත් ජීවිතය ගැන මාෂි පුවත්පතකට කියලා තිබුණා. මේ තියෙන්නේ ඒ සංවාදය.

සැබෑ දිවියේ පුබුදුගේ ආදරය වූ මාෂි දැන් රිදී තිරයේත් පුබුදුගේ පෙම්වතියලූ නේද ?
විවාහයට පෙර අපි චිත්‍රපටයකට සම්බන්ධ වෙලා හිටියා. විවාහ උත්සවය නිසා ඒ චිත්‍රපටය නැවැත්වූවා. දැන් නැවතත් ඒ චිත්‍රපටයේ රූගත කිරීම් කරනවා. කොහොම හරි විවාහයට කලිනුයි අපි අපේ පළමු චිත්‍රපටය කරන්නේ. හැබැයි මේ හැම චිත්‍රපටයකම අපි පෙම්වතුන් නෙවෙයි. අපි පළමුවෙන්ම කළ ආදර හීන චිත්‍රපටයේ එයාගේ පෙම්වතිය වෙන කෙනෙක්. ඊට පස්සේ කරපු ද නිව්ස් පේපර් හි මම මාධ්‍යව්දිනියක් විදිහටයි රගපෑවේ. දැන් කරන නිහඩ සෙවනැළි චිත්‍රපටයත් වෙනස්ම එකක්.

මාෂි වැඩියෙන්ම කැමැති තිරයෙත් පුබුදුගේ පෙම්වතිය විදිහටම ඉන්නද ?
එහෙම නැහැ. මම කැමතියි වෙනස් චරිත රගපාන්න.

ගෙදරදී තියෙන පුබුදු මාෂි ආදර කතාව දර්ශන තලයට ගියහම වෙනස් වෙනවාද ?
ගෙදරදී මම හරිම ආදරයෙන් එයාළග හිටියට කැමරාව ඉදිරියේදී එයා එක්ක රගපාද්දි මට බයක් දැනෙනවා. රගපාන්න යනකොට අයියා මට හැමදේම කියලා දෙනවා. ඒත් මම බයෙන් තමයි රගපාන්නේ. හැබැයි ඒ දේවල් ඉවරවෙලා ගෙදර ආවහම අපි පුරුදු විදිහට නිදහස් ප්‍රේමණීය ජිවිත.

මේ වදේදි මාෂි සාම්ප්‍රදායික බිරිදකගේ චරිතයට ඇතුළු වෙලාද ?
ඒ විදිහට වඩා ටිකක් වෙනස්. මොකද මම කැම්පස් යනවා. ඒ වගේම බාහිර දේවල් කරනවා. මේ ගෙවෙන්නේ මගේ විශ්වවිද්‍යාලයේ අවසන් අවුරුද්ද. ජීවිතය කාර්යබහුලයි. නමුත් මම ඒකට කැමැතියි. ඔය විදිහට අපේ ජීවිත ගලාගෙන යනවා. ගෙදර වැඩ මටම කරන්න ඕනෑ කියන තැන අපි දෙන්නම නැහැ. අපේ ගෙවල්වලත් එහෙම දෙයක් තිබුණේ නැහැ. අපේ අම්මල තාත්තල වුණත් සහයෝගයෙන් ආදරයෙන් වැඩ කරගෙන ජීවත්වුණේ. අපිටත් හුරුවෙලා තියෙන්නේ ඒ රටාව.

මාෂියි පුබුදුයි කාර්යබහුල වුණහම ගෙදර කටයුතු පැවරෙන්නේ කාටද ?
මම උදෙන්ම වැඩකට යන්න තියෙනවා නම් අයියාට ඇහැරෙන්න නොදී මගේ වැඩ කරගන්නයි උත්සාහ කරන්නේ. මොකද එයා වැඩ කරලා මහන්සිවෙලා ඉන්න නිසා. ඒත් එයා අවදි වෙලා මට කිරි එක හදලා දෙනවා. මම ගෙදර එන්න රෑ වෙනවා නම් කෑම හදලා තියනවා. ගෙදර වැඩ අයියා හරි ආදරයෙන් කැමැත්තනේ කරන්නේ. මම ගෙවල් අස්පස් කරන එක කරනවා. මට හොදට උයන්න පුළුවන්. අයියට මටත් වඩා හොදට උයන්න පුළුවන්. අපි දෙන්නම ගෙදර ඉන්න දවසට අපි එකතුවෙලා කෑම හදනවා. එහෙම හදන සමහර කෑමවලට හැදුවට පස්සෙ තමයි නම් දාන්නේ.

රසිකාවියන්ගෙන් පුබුදුට ලැබෙන ආදර ප්‍රතිචාරවලට මාෂිගේ හිත රිදවනවද ?
අනේ නැහැ. මං ආසයි එයාට වැඩිපුර මිනිස්සු ආදරය කරනවා නම්. මම කැමැතියි. මම දන්නවානේ එයා මගේ කියලා. අපි දෙන්නම රසිකයන්ට ආදරෙයි. මම ඒදේට හරිම කැමැතියි. හොද දේවෙල් කරනකොට හොද දේවල් ලැබෙනවා වගේ දෙයක් තමයි ඒක.

පුබුදුගෙයි මාෂිගෙයි ආදර දිවිය ගෙවී යන්නේ සැමරුම් තිළිණ වගේ සොදුරු දේවල් එක්කද ?
ඔව්. අපි තවමත් මේ ජිවිතය පටන් ගත්තා විතරම වගේනේ. හැම දවසකම අපි දෙන්නට අලූත් දේවල් සැමරුම් තියෙනවා.

මාෂි ඉදිරියේදී නළියක් වෙන්නද ? වෙනත් වෘත්තියන්ට යොමු වෙන්නද හිතාගෙන ඉන්නේ ?
රංගනයට අයියාගෙන් බාධාවක් නැහැ. ඇරයුමක් ලැබුණහම අයියාගෙන් අහලා එයාගෙන් ගුරු හරුකම් ලබාගෙන ඒ දේ හොදින් කරන්න උත්සාහ කරනවා. මොන වෘත්තියේ හිටියත් අධ්‍යාපනය ඕනෑමයි ඉගෙන ගන්න. ඒක වටිනවානේ.

මාෂි හිතන්නේ පුබුදු වඩා සාර්ථකව රගපාන්නේ පෙම්වතාගේ චරිතය කියලාද ?
එයා අත්දැකීම් තියෙන නළුවෙක්නේ. ඒ වගේ කෙනෙක් ඕනෑම චරිතයක් හොදින් කරනවා. මම කැමැති එයා කරන හැම දෙයක්ම හොදින්ම කරනවා දකින්නයි.

පුබුදුගේ ආදරය මාෂිට දැනෙන්නේ ?
අනිවාර්යයෙන් මට ජීවිතයේ ලැබුණ හොදම දෙය එයාගේ ආදරයයි. මං හිතන්නේ නැහැ මීට වඩා හොද දෙයක් මට ලැබෙයි කියලා. අයියා තමයි මගේ පෙම්වතා” සැමියා හොදම මිතුරා” මගේ අයියා” ඒ හැමදේම එයාම තමයි.

මේ වදේදි මාෂිගේ හා පුබුදුගේ පෙම් ලෝකය හැඩකරන ඊළග සාමාජිකයන් ගැනත් හිතලාද ?
තවම නම් නැහැ. මගේ ඉගෙන ගැනීම් ඉවර වෙනකම් ඒ දේවල් ගැන හිතන්නේ නැහැ. ඒත් ඒවත් ජිවිතයට ඕනෑනේ. ඒවා අනිවාර්යෙන් ඉදිරියේදී සිද්ධ වෙයි.

-ධම්මිකා සුරංජි පතිරණ-


News Articles
Latest Videos
Most Popular Post