News Line| Off Air| Games
Generic placeholder image

Oct
29

MCC යේ ප්‍රදානයක් වන ඇමරිකානු ඩොලර් මිලියන 480 ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

595 Views


MCC යේ ප්‍රදානයක් වන ඇමරිකානු ඩොලර් මිලියන 480 ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් යෝජනා කළ පරිදි ඇමරිකානු රජයේ සහශ්‍ර අභියෝග ආයතනය (Millennium Challenge Corporation) විසින් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රදානයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 480 ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

කොළඹ ප්‍රදේශයේ රථවාහන කළමනාකරණය, දිවයින පුරා මාර්ග නිර්මාණය හා සංවර්ධනය සහ මුළු දිවයිනම ආවරණය වන පරිදි ඉඩම් පරිපාලන කටයුතු වැඩිදියුණු කිරීම යන ව්‍යාපෘති මෙම ප්‍රදානය යටතේ ක්‍රියාත්මක කෙරෙනවා.

මෙම ප්‍රදානය උපයෝගී කරගෙන ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම සංවර්ධන ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ අවශ්‍යතා පදනම් කරගනිමින් රටේ ප්‍රදාන රේඛීය අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරන නිලධාරීන් විසින් සකස් කර තිබෙනවා.

Millennium Challenge Corporation (MCC) සමඟ මෙම ගිවිසුම අත්සන් කළ පසුව වුවද ශ්‍රී ලංකාවේ අවශ්‍යතා අනුව මෙම ව්‍යාපෘති සංශෝධනය කිරීමේ හැකියාව ශ්‍රී ලංකා රජය සතුව පවතින බව සදහන්.

ඇමරිකානු ජනතාවගෙන් මෙම ප්‍රදානය ලබාගන්නා 37 වන රට ශ්‍රී ලංකාව වනවා.

අද දින (29) අමාත්‍ය මණ්ඩලය විසින් දෙනලද අනුමැතිය අනුව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නුදුරේදී මෙම ගිවිසුමට අත්සන් තැබීමට නියමිත අතර එය 2020 ආරම්භ වීමත් සමඟ ක්‍රියාත්මක කෙරෙනවා.


News Articles
Latest Videos
Most Popular Post