News Line| Off Air| Games
Generic placeholder image

Apr
5

විශ්වාසභංගය දිනපු අගමැතිගෙන් ජනතාවට පණිවිඩයක්.

500 Views


විශ්වාසභංගය දිනපු අගමැතිගෙන් ජනතාවට පණිවිඩයක්.

විශ්වාසභංගයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගන්න රනිල් වික්‍රමසිංහ මහතා සමත් වුණා. මේ ජයග්‍රහණයෙන් පස්සේ එතුමා මුලින්ම ගියේ හුණුපිටිය ගංගාරාම විහාරයට. එහිදී ආගමික වතාවත් වල නිරත වුන එතුමා ආශිර්වාදය ලබා ගත්තා.

මේ ජයග්‍රහණයෙන් පස්සේ එතුමාට ඡන්දය ලබා දුන්න මැති ඇමතිවරුන්ට සහ සහය දක්වපු ජනතාවට ස්තුති කරලා Facebook පණිවිඩයක් තියලා තිබ්බා.

මෙම දුෂ්කර කාලසීමාවේදී මා වෙත සහය ලබාදුන් සියළු දෙනාට කෘතඥතාව පළකරමි.
විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දුන් මා හිතවත් මන්ත්‍රීවරුන්ට මෙන්ම ඡන්දය දීමෙන් වැළකී සිටි මන්ත්‍රීවරුන්ට ද ස්තුතිය පළකිරීමට කැමැත්තෙමි. 2015 දී අප ලබාගත් ජයග්‍රහණ තිරසරව පවත්වාගෙන යාම සඳහා අප රටේ ආගමික හා වාර්ගික ප්‍රජාවන් ඒකරාශී වීම සතුටට කරුණකි.

සතුරුකම් කරමින්, අසත්‍ය ප්‍රචාර හා මිත්‍යව පතුරුවමින් සිටි පාර්ශව පරාජය කිරීමට විවිධ ආගමික වතාවත් පැවැත්වු සියළු දෙනාට සහ පසුගිය කාලසීමාවේදී සහය පළකරමින්, ආශිර්වාද ලබා දෙමින් සුබපැතුම් පළ කළ ඔබ සියළු දෙනාට කෘතඥ වෙමි.

අප මෙම ජයග්‍රාහී අවස්ථාව භාවිත කළ යුතු වන්නේ සාමය, සමගිය, සංවර්ධනය හා යුක්තිය තහවුරු කිරීමේ වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහායි.


News Articles
Latest Videos
Most Popular Post