News Line| Off Air
Generic placeholder image

Aug
15

දුම්රිය පීලි පැනීමක්

Generic placeholder image

දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇත. බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වන රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය බුස්ස ප්‍රදේශයේදී දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇත.


Aug
15

තැපැල් ගාස්තු සංශෝධනය අද සිට

Generic placeholder image

සංශෝධනය කරන ලද තැපැල් ගාස්තු අද (15) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. ඒ අනුව රුපියල් 15ක් වන සාමාන්‍ය ලිපියක් සඳහා වන තැපැල් ගාස්තුව රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට නියමිතයි. එමෙන්ම ලියාපදිංචි තැපැල් ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 60ක් දක්වා ඉහළ දමනු ලබයි.


Aug
15

අද පැයයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි. P Q R S T U V W කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි.


Aug
8

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩිවිය හැක.


Aug
8

අද විදුලිය කැපෙන හැටි

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි. P Q R S T U V W කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි.


Jul
19

පළාත් කිහිපයකට වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දකුණු පළාතේ විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද […]


Jul
12

ඉන්දියාවෙන් ආනයනය කළ යූරියා පොහොර අද සිට ගොවීන්ට

Generic placeholder image

ඉන්දීය රජය විසින් මෙරටට ලබාදුන් යුරියා පොහොර තොගය බෙදාහැරීම් කටයුතු අද (12) දිනයේ සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. පසුගිය 9 වනදා මෙරටට ළඟා වූ පොහොර නෞකාවේ පොහොර ගොඩබෑමේ කටයුතු අවසන් කර ඇති බවත් ඒවා බෙදාහැරීම් කටයුතු දින 10ක් තුළ අවසන් කිරීමට නියමිත බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. කිලෝ ග්‍රෑම් 50ක යූරියා මිටියක් රුපියල් […]


Jul
5

පළාත් කිහිපයකට වැසි

Generic placeholder image

සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්විටින් විට වැසි ඇතිවේ. බස්නාහිරසහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ […]


Jul
1

අද විදුලිය කැපෙන හැටි

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. A B C D E F G H I J K L P Q R S T U V W කලාප සඳහා දහවල් කාලයේ පැය 1 යි විනාඩි 40 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි. M N O X Y Z කලාප […]


Jul
1

දකුණු මුහුදු ප්‍රදේශවල සුළං තත්වයේ වැඩිවීමක්

Generic placeholder image

සක්‍රීය නිරිතදිග මෝසම් තත්වය හේතුවෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ දකුණු අර්ධයේත් සුළං තත්වයේ වැඩිවීම තවදුරටත් බලාපොරොත්තු වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්විටින් විට වැසි ඇති වන අතර වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් […]


Jun
28

අද කාලගුණය

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරුසහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.


Jun
27

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා දහවල් කාලයේ පැය 1 යි විනාඩි 40 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි. P Q R S T U V W කලාප සඳහා දහවල් කාලයේ පැය 1 යි […]


News Articles
Latest Videos
Most Popular Post