ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව වන්නේ රටකි, දැයකි, ලොවකි, ඇය’ යන්නයි. ජාත්‍යන්තර කාන්තා දිනයේ ආරම්භය 1908 වර්ෂයේ සිදුවූයේ කාන්තාවන් 15,000ක් විසින් තමන් වැඩ කරන පැය ගණන කෙටි කරන ලෙසටත්, වඩා හොඳ වැටුප් දෙන ලෙසටත්, ඡන්ද අයිතිය දෙන ලෙසටත් ඉල්ලමින් නිව්යෝර්ක් නගරයේ පැවැත්වූ පාගමනක් හේතුවෙනි.
අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,
අද (08) කලාප දෙකක් සඳහා පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ඒ අනුව උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා E සහ F කලාප සඳහා පැය 5 ක විදුලිය කප්පාදුවක් හා සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැය දෙකහාමාරක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි. මේ අතර P,Q,R,S,T,U,V,W […]
සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං […]
ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින කරඬුව වැඩම කර වූ මියගිය නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් දී ඇත. අනාගත පරපුරට දැකගැනීම සඳහා නැදුන්ගමුවේ හස්තිරාජයාගේ සිරැර සංරක්ෂණය කරන ලෙස ද ජනාධිපතිතුමා විසින් දැනුම් දී තිබේ. ජාතික කෞතුකාගාරයේ නිලධාරීන් කණ්ඩායමක් […]
වසර 13 කට පසු ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක ඉහළ ම මිල මේ වන විට වාර්තා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් 130 ක් ලෙසයි. යුක්රේන රුසියා අර්බුදය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල නිරන්තරයෙන් වෙනස්වීමට ලක් වේ.
මෙරට විශාලතම සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලාව අද (07) හම්බන්තොට – මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ දී ජනාධිපති ප්‍රධානත්වයෙන් විවෘත කර ඇත. මෙම කම්හලේ නිෂ්පාදන කටයුතු සඳහා ලොව දියුණුතම තාක්ෂණය භාවිත කෙරෙන අතර නිෂ්පාදන ධාරිතාව වසරකට මෙට්‍රික් ටොන් මිලියන 2කට අධික බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.
අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,
නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය තවදුරටත් දුර්වල වෙමින් පවතින අතර දිවයිනේ කාලගුණය කෙරෙහි එහි බලපෑම අවම වෙමින් පවතී. උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන […]
ප්‍රවීන රංගන ශිල්පී බර්ටි ගුණතිලක මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්ත වනවිට ඒ මහතා 98 වන වියේ පසු වුණා.
නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය මාර්තු මස 04 දින රාත්‍රී 11.30 වන විටගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල වෙරළට කි.මී. 220 ක් ඊසාන දෙසින් (10.3N, 82.6E) ස්ථානගතව පැවතුනි. මෙම පද්ධතිය ඉදිරි පැය 36 ක කාලය තුල ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළටආසන්නයෙන් වයඹ දෙසට බරව ගමන් කර, ඉන්දියාවේ උතුරු තමිල්නාඩු […]
රාගම වෛද්‍ය පීඨ ගැටළුව හේතුවෙන් ඉල්ලා අස්වූ අරුන්දික ප්‍රනාන්දු පොල්, කිතුල් සහ තල් වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස යළි දිවුරුම්දී තිබේ. රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර පරිශ්‍රයේ දී සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුව මඟින් ඔහු නිර්දේෂී පුද්ගලයෙකු ලෙස නිගමනය කර ඇත.