News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
2

අද පැය හත හමාරක විදුලිය කප්පාදුවක්

Generic placeholder image

අද (02) දිනයේ දහවල් කාලයේ පැය 5 ක කාලයක් හා රාත්‍රී කාලයේ පැය දෙකහාමාරක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ඒ අනුව උදෑසන 8.00 සිට දහවල් 1.00 දක්වා E,T,U,V,W යන කලාප සඳහා පැය 5 ක විදුලි කප්පාදුවක් සිදු වන අතර දහවල් 1.00 සිට සවස 6.00 දක්වා F,P,Q,R,S කලාප සඳහා ද පැය […]


Mar
2

ප්‍රදේශ කිහිපයකට වැසි

Generic placeholder image

නිරිත දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත පවතින අඩු පීඩන කලාපය තවදුරටත් ස්ථානගතව පවතින අතර එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි දින කිහිපයේ දී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙහි බලපෑම හේතුවෙන් අද දින (02) රාත්‍රියේ සිට 04 දින […]


Mar
1

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ

Generic placeholder image

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත. ඒ අනුව ආපන ශාලා, සාප්පු සංකීර්ණ, වෙළෙඳසැල්, මුල්‍ය ආයතන, උසස් අධ්‍යාපන ආයතන, සිනමා ශාලාවන්, ශරීර සුවතා මධ්‍යස්ථාන, ක්‍රීඩා, අවමංගල්‍ය උත්සව, උපකාරක පන්ති, විභාග පැවැත්වීම් සහ කර්මාන්ත ශාලා ආදිය පවත්වාගෙන යාමේදී මේ දක්වා පනවා තිබු සීමා ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඉහත කටයුතු […]


Mar
1

මහා ශිව රාත්‍රිය අදයි

Generic placeholder image

හින්දු බැතිමතුන් විසින් ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන මහා ශිව රාත්‍රි දිනය අදට (01) යෙදී තිබේ. අඳුර දුරු වී ආලෝකය ලබා ගැනීම සඳහා ශීව දෙවියන් සිහි කරමින් උපවාසයේ යෙදෙන හින්දු බැතිමතුන් විසින් ශිව දෙවියන්ට පුද ජූජා පැවැත්වීම අද දිනයේ සිදුකරනු ලබනවා. මේ අතර මහා ශිව රාත්‍රි දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ […]


Mar
1

අද මි.මී. 50ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ගාල්ල, මාතර, රත්නපුර, කළුතර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. ඌව සහ වයඹ පළාත්වලත් මඩකලපුව, අම්පාර, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය […]


Feb
28

එන්නත්කරණයට ලක්වූ සංචාරකයින්ට කොරෝනා පරීක්ෂණ අවශ්‍ය නැහැ – සිවිල් ගුවන් සේවා අධිකාරිය කියයි

Generic placeholder image

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟින් බිඳ වැටුණු සංචාරක ක්ෂේත්‍රය මේ වන විට ක්‍රමානුකූල වර්ධනයකට පැමිණ තිබෙනවා. මේ වසරේ මේ දක්වා සංචාරකයින් 150,000කට අධික ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යංශ දත්ත පෙන්වා දෙනවා. කාලයක් තිස්සේ වසා දමා තිබුණු තරු පන්තියේ හෝටල් සහ සංචාරක හෝටල් සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනය නිසා යළිත් විවෘත වුණා. මේ අතර පුර්ණ එන්නත්කරණය ලබා […]


Feb
28

කොවිඩ් ආසාදිතයන් 900 සීමාව ඉක්මවයි

Generic placeholder image

ඊයේ (27) දිනයේ නැවතත් දෛනික කොවිඩ් ආසාදිතයන් 900 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයන් 977 ක් වාර්තා වුණා. මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන් 644,060 ක් දක්වා ඉහළ ගොස් ඇත.


Feb
28

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

අද (28) දිනයේ කාණ්ඩ කිහිපයක් යටතේ දිවයින පුරා පැය පහක විදුලිය කප්පාදු කිරීමක් සිදු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. කලාප 3 කට පැය 4 කුත් මිනිත්තු 40 ක කාලයක් හා අනෙකුත් කලාපවලට පැය 5 ක් හා මිනිත්තු 15 ක කාලයක් මෙලෙස විදුලිය කප්පාදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.


Feb
28

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

Generic placeholder image

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් […]


Feb
26

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

සති අන්තයේ රාත්‍රී කාලයේදී විදුලිය කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. හෙට (26) දිවා කාලයේදී පමණක් A, B, C කලාප සඳහා පැය තුනක විදුලිය කප්පාදුවක් ද අනෙකුත් කලාපවලට පැය දෙකාහාමාරක විදුලිය කප්පාදුවක් සිදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ. එසේම අනිද්දා (27) දිවා කාලයේදී පමණක් A, B, C කලාප සඳහා පැය දෙකහාමාරක […]


Feb
26

ඉන්ධන මිල ඉහළට

Generic placeholder image

ලංකා IOC සමාගම අයත් ඉන්ධනවල මිල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින්, පෙට්‍රල් ලීටරයක් – රු.20 කින් (නව මිල රු.204) ඩීසල් ලීටරයක් – රු.15 කින් (නව මිල රු.139)


Feb
26

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.


News Articles
Latest Videos
Most Popular Post