අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,
ඊයේ (24) මෙරටින් කොරෝනා ආසාදිතයින් 877ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 602,763ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
පැවති වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනස්වීමක් අද (25) දිනයේ දී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විශේෂයෙන් සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කළ නිවේදනයේ සඳහන් වන්නේ. අනුරාධපුර සහ වවුනියා දිස්ත්‍රික්කවල […]
අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,
හිටපු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයෙකු සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ කෝවිඩ් ප්‍රතිකාර ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙලෙස මියගොස් ඇත්තේ. මියයන විට ඒ මහතා 75 වැනි වියේ පසු වුණා.
ඊයේ (23) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 838ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව, මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 601,886ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උදෑසන කාලයේ දී තරමක සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. හිමිදිරි උදෑසන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතිනවා . බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වලත් කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන […]
ඩෙංගු රෝග ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් මේ වන විට පෙන්නුම් කරනවා. ජනවාරි මාසයේ මේ දක්වා කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 5,500ක් පමණ වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමංකා පනිලහෙට්ටි මහත්මිය පැවසුවේ, එම රෝගීන්ගෙන් 60%ක් පමණ බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවයි. ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ, පසුගිය වසරේ සැප්තැම්බර් […]
උණ රෝගී තත්ත්වයක් ඇති නම් වහා ප්‍රතිකාර ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වැඩි දුරටත් අදහස් දැක වූ ඒ මහතා, “පහුගිය සතියක පමණ කාලයේ අපට පේනවා රෝගීන් ප්‍රමාණයේ වැඩිවීමක් වෙනවා. ඒ වගේම ඔක්සිජන් මත යැපෙන රෝගීන් ප්‍රමාණයේ යම්කිසි වැඩිවීමක් තියනවා. දැඩිසත්කාර ඒකකවලට ඇතුළුවන රෝගීන්ගේ වැඩිවීමක් තිබෙනවා. ඒ නිසා මේ සම්බන්දයෙන් […]
2021 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (22) පැවැත්වුණා. මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් 340,508ක් බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පැවසුවා. විභාග මධ්‍යස්ථාන 2,943ක දී ශිෂ්‍යත්ව විභාගය පැවති අතර විශේෂ මධ්‍යස්ථාන 108ක් ස්ථාපිත කර තිබුණා. කිසිම දරුවකුට අසාධාරණයක් නොවන පරිදි කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ වුවද විභාගය පැවැත්වීමට කටයුතු කළ බවයි […]
ඊයේ (20) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 827ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 599,363ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර අද හිමිදිරියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් ඇති බවද එම නිවේදනයේ සඳහන් වෙයි. අදාළ නිවේදනයට අනුව බස්නාහිර මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.