News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
20

කොවිඩ් ආසාදනය වූ විභාග අපේක්ෂකයින්ට නව වැඩපිළිවෙලක්

Generic placeholder image

කොවිඩ් ආසාදිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට අවශ්‍ය සියලු පහසුකම් මේ වනවිට සපයා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.


Jan
20

කොවිඩ් ආසාදිත ගර්භණී කාන්තාවන් සංඛ්‍යාව ඉහළට

Generic placeholder image

කොවිඩ් ආසාදිත ගර්භණී කාන්තාවන්ගේ ඉහළ යාමක් පෙන්නුම්කරන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. එම තත්ත්වය තුළ පිරිස් ඒකරාශී වන ස්ථාවල ගැවසීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ ගර්භණී කාන්තාවන්ගෙන් ඉල්ලා සිටී.


Jan
20

අදත් විදුලි කප්පාදුවක් – විදුලි ඉංජිනේරුවන් කියයි

Generic placeholder image

වරායේ තිබූ නෞකාවක ඉන්ධන නිදහස් කර ගැනීමට ඩොලර් ලැබීමත් සමග, ලංකා විදුලි බල මණ්ඩලය වෙත ඩීසල් මෙට්‍රික් ටොන් 10,000 ක් ලබා දීම ඊයේ ආරම්භ වුණා. මේ අතර කැළණිතිස්ස විදුලි බලාගාරය යථා තත්ත්වයට පත්වෙමින් පැවතියත් අද දිනයේ ද පස්වරු කාලයේ විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බවයි විදුලි ඉන්ජිනේරුවන් පවසන්නේ.


Jan
20

ICC T20 කණ්ඩායමට වනිඳුත් නම් කරයි

Generic placeholder image

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ පන්දුවාර විස්ස ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබෙනවා. ක්‍රීඩකයින් 11දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ද ඇතුළත්ව තිබෙනවා. එම කණ්ඩායමේ නායකත්වය පාකිස්ථානයේ බාබර් අසාම්ට හිමිව තිබේ. කඩුළු රකින ස්ථානය හිමිව ඇත්තේ මොහොමඩ් රිස්වාන් හටයි. මෙහි විශේෂත්වය වන්නේ කිසිදු ඉන්දීය ක්‍රීඩකයෙකු හෝ එම කණ්ඩායමට […]


Jan
20

ආසාදිතයින් 829 ක්

Generic placeholder image

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 829 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. මේ අතර විදෙස්ගතව සිට පැමිණ හඳුනාගත් ආසාදිතයින් 09 දෙනෙකු සිටින බව අදාළ වාර්තාවේ සඳහන් වෙයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 598,536ක් දක්වා ඉහළගොස් තිබේ.


Jan
20

වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

ඌව පළාතෙත් හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. බස්නාහිර, වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මිදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වියහැකිය.


Jan
19

ලොව වයස්ගතම පුද්ගලයා මිය යයි

Generic placeholder image

ජීවතුන් අතර සිටි ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකුණු ස්පාඤ්ඤ ජාතික සැටර්නියෝ ෆුඑන්ටේ ගාර්ෂියා මිය ගොස් තිබෙනවා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 112යි දින 341 ක් බවයි ගිනස් වාර්තා සඳහන් කළේ. වර්ෂ 1909 පෙබරවාරි මස 11 වැනිදා උපත ලබා ඇති ඔහුට දරුවන් හත්දෙනෙකු සහ මුණුපුරන් 14 දෙනෙකු සිටිනවා.


Jan
19

ඔමික්‍රෝන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නැති රෝගීනුත් සමාජයේ ඉන්න පුළුවන් – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියයි

Generic placeholder image

රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති ඔමික්‍රෝන් රෝගීන් රට තුළ සිටිය හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ නව කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 672 ක්. කොවිඩ් මරණ 13 ක් ද ඊයේ වාර්තා වුණා.


Jan
19

වසංගතය ලෝකයෙන් තුරන් වීම පෙනෙන තෙක් මානයක නැහැ – ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී අනතුරු අඟවයි

Generic placeholder image

කොවිඩ් වසංගතය පිලිබඳව මෙම වසරේ පළමු දින ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අලුත් අවුරුදු සුබ පැතුම බලාපොරොත්තු සහගත පණිවිඩයක් නිකුත් කළා. ඒ 2022 වසර වසංගතයේ අවසානය සනිටුහන් කළ හැකිය යන්නයි. එන්නත් බෙදී යාමේ විෂමතාවය අමව කර ගැනීමෙන් එම ඉලක්කයට සමස්ත ලෝකයටම ලඟා විය හැකි බවටයි ටෙඩ්‍රෝස් ඇඩ්නම් ප්‍රකාශ කර සිටියේ. නමුත් මේ වන විට අමෙරිකාව, ජපානය, […]


Jan
19

දේශීය සංචාරකයින්ට නොසලකන නිවාඩු නිකේතනවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර

Generic placeholder image

“විදේශිකයින්ට පමණක්” යනුවෙන් පුවරු ප්‍රදර්ශනය කරමින් දේශීය සංචාරකයින් නොසලකා හරින නිවාඩු නිකේතනවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එවැනි සිද්ධි පිළිබඳව දේශීය සංචාරකයින්ගෙන් විධිමත්ව පැමිණිලි ලැබුණහොත් අදාළ ආයතන ගැන නීතිමය පියවර ගැනීමට නොපසුබට නොවන බවත් එම ආයතනවල බලපත්‍ර අවලංගු කර සියලුම සංචාරකයින් දැනුම්වත් කිරීමට කටයුතු කරන බවත් සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. […]


Jan
19

කැලණිතිස්ස බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක කටයුතු නවතා දමයි

Generic placeholder image

කැලණිතිස්ස විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක කටයුතු නවතා දමා තිබේ. ඉන්ධන නොමැතිවිම හේතුවෙන් එම ජනන යන්ත්‍රය තාවකාලිකව නවතා දමා ඇති බව විදුලිබල මණ්ඩලය සඳහන් කළේය. මෙගාවොට් 150ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට ලබාදෙන ජනන යන්ත්‍රයක් එලෙස නවතා දමා ඇති බව වාර්තා වෙයි.


Jan
19

ආසාදිතයින් 672ක්

Generic placeholder image

ඊයේ (18) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 672ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 597,707ක් දක්වා ඉහළ ගොස් තිබේ.


News Articles
Latest Videos
Most Popular Post