ඊයේ (12) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 653ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 593,725ක් දක්වා ඉහළ ගොස් තිබේ.
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව […]
සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජැකොවික් අසත්‍ය ප්‍රකාශයක් සිදු කළ බව පිළිගෙන තිබෙනවා. මෙය සිදු වී ඇත්තේ ඔහුගේ නියෝජිතයාගේ වරදින් බවයි නොවැක් ජැකොවික් පවසන්නේ. සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජැකොවික්ට මීට දින කීපයකට පෙර ඔස්ට්‍රේලියානු රැදවුම් භාරයේ සිටීමට සිඳු වුණා. ඒ ඔහුට කොවිඩ් මර්දන එන්නත් ලබා ගත් බවට සාක්ෂි ඉදිරිපත් කිරීමට නොහැකි වීම හේතුවෙන්. දින කීපයක් පුරා […]
කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ගත් 159 දෙනෙකු අද (12) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරයි. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 567,519ක් දක්වා ඉහළගොස් ඇත.
ඔස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිත රෝගීන් මිලියනය පසු කර තිබෙනවා. මින් අඩකට වඩා ප්‍රමාණයක් පසුගිය සතියේ හමු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පසුගිය සෙනසුරාදා දිනය තුළ පමණක් පළමු වරට ඔස්ට්‍රේලියාවේ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. මේ වන විට ඔස්ට්‍රේලියාවේ සමහර ප්‍රාන්තවල නැවත කොවිඩ් සීමා හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ. එසේ ම රෝහල්වල හදිස්සි […]
අද (12) රාත්‍රී කාලයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති මහතා පැවසුවේ අද (12) පස්වරු 05.30 සිට රාත්‍රි 09.30 දක්වා පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති බවය.
අද සියලු ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව පහළට ම ඇද වැටී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රටේ ජනතාවට ආහාර සහ ඖෂධ සපාය ගත නොහැකි තත්ත්වයක් වත්මන් පාලකයින් උදා කර ඇති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. ඒ කිළිනොච්චිය ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින්.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු අද (12) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වනේ ආරම්භ වන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. ඒ අනුව එම ඉදිකිරීම්වලින් පසු කොළඹ වරාය ලොව හොඳම වරාය 05 අතරට ගෙන ඒමට හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බව ද අමාත්‍යවරයා පැවසුවා.
අපේ රටේ මැතිවරණ දිගින් දිගටම කල් යනවා. එවන් පසුබිමක පළාත් පාලන ආයතන සභිකයින්ගේ ධූර කාලය දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතායි. ඒ අනුව නගර සභා, මහ නගර සභා සහ ප්‍රාදේශීය සභාවල සභිකයින්ගේ ධුර කාලය අවසන් වන දිනය 2023 වසරේ […]
ඊයේ (11) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 623ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 593,072ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් ශ්‍රී ලංකාව ආසන්නයේ ස්ථානගතව පවතී. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඌව පළාතේත් මඩකලපුව, අම්පාර, පොලොන්නරුව, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, […]
ලොව ප්‍රථම වතාවට ජානමය ලෙස වැඩිදියුණු කරන ලද සූකර හදවතක් මිනිසෙකුට බද්ධ කළ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වනවා. ඒ අනුව සූකරයෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කළ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සනිටුහන් වනවා. මෙම ශල්‍යකර්මය සඳහා පැය 7ක කාලයක් ගතවී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. සාර්ථකව ශල්‍යකර්මය නිමකර දින 3කට පසුව ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව අදාළ […]