News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
9

ආසාදිතයින් 580ක්

Generic placeholder image

ඊයේ (08) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 580ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 591,231ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Jan
9

වැසි තත්ත්වයේ වැඩි වීමක්

Generic placeholder image

දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාව පවතිනවා. එම නිසා ඉදිරි දින කිහිපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකියි. උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. බස්නාහිර […]


Jan
8

රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. සටන් නළුවෙකු හා සටන් අධ්‍යක්ෂවරයෙකු වූ ඔහු චිත්‍රපට විශාල සංඛ්‍යාවකට මෙන්ම ටෙලි නාට්‍ය කිහිපයකට ද රංගනයෙන් දායක වී තිබෙනවා. රොබින් ප්‍රනාන්දු මහතා මිය යන විට 84 වන වියේ පසු වුණා.


Jan
7

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සවස් කාලයේ දී වරින් වර විදුලිය කප්පාදුවක්

Generic placeholder image

අද දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සවස් කාලයේ දී වරින් වර විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. මිට හේතුව කැළණි තිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිද වැටීමයි.


Jan
7

සරු රටක් නිර්මාණය කිරීමට පැමිණි ආණ්ඩුව තිබුණු රටත් නිසරු කරලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Generic placeholder image

සරු රටක් නිර්මාණය කිරීමට පැමිණි වත්මන් ආණ්ඩුව තිබුණු රටත් නිසරු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ සේරුවිල පැවති වැඩසටහනකට එක්වෙමින්.


Jan
7

රට තුළ ඩෙංගු රෝගීන් වැඩි වීමේ අවධානමක්

Generic placeholder image

රට තුළ යළිත් ඩෙංගු රෝගීන් වැඩි වීමේ අවධානමක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. කොවිඩ් රෝගයට බයේ ගෙදර සිටියත් ඩෙංගුවලින් මරණය පවා අත්විය හැකි බවයි ඔහු ප්‍රකාශ කළේ.


Jan
7

ආසාදිතයින් 584ක්

Generic placeholder image

ඊයේ (06) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 584ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 590,063ක් දක්වා ඉහළ ගොස් තිබේ.


Jan
7

ප්‍රදේශ රැසකට වැසි

Generic placeholder image

ඌව පළාතේත් මඩකලපුව, අම්පාර, පොලොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. උතුරු පළාතේත් අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික […]


Jan
6

වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජනවාරි මස 12 වනදා දක්වා කල් තැබේ

Generic placeholder image

වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජනවාරි මස 12 වනදා දක්වා කල් තැබීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා. එම තීන්දුව අද දින ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. එම නඩුව අද කඳවූ අවස්ථාවේ දී ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ […]


Jan
6

ලෝකයේ නිපදවන ආහාරවලින් තුනෙන් එකක් අපතේ යයි

Generic placeholder image

ඇස්තමේන්තු කර ඇති පරිදි ලෝකයේ නිපදවන ආහාරවලින් තුනෙන් එකක් අපතේ යනවා. එසේ අපතේ යන ආහාර අවසානයේ දිරාපත්වී වායුගෝලයට මීතේන් පවා එකතු කරනවා. ආහාර අපතේ යාමට අමතරව මීතේන් එකතුවීම ද බරපතල පාරිසරික ප්‍රශ්න බව සඳහන් කළ යුතුයි. 18 වැනි ශතවර්ෂයේ අග භාගය දක්වා ම බොහෝ කෘෂිකාර්මික බිම්වලින් ඉතිරිවන බෝග එකතු කිරීමට දුප්පතුන්ට අවස්ථාව තිබුණා. නමුත් අද […]


Jan
6

20 වැනි සංශෝධනය අහෝසි කළ යුතුයි – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

Generic placeholder image

20 වැනි සංශෝධනය වහාම අහෝසි කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. දේශපාලන හොරුන්ට පක්ෂයක් ජාතියක් නොමැති බවද ඔහු පවසනවා. ප්‍රශ්නයක් උනොත් මේ රටේ දේශපාලන හොරු එකට එකතු වන බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කලා.


Jan
5

වසර 07 කට පසු සතොස ලාභ ලබන තත්ත්වයට – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

Generic placeholder image

හත් වසරකට පසු සතොස ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට හැකි වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. වසරේ අවසන් කාර්තුව වන විට ලංකා සතොස රුපියල් මිලියන 45 ක ලාභයක් අත්කරගෙන ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post