සියලු දෙනා බුද්ධිමත්ව කටයුතු කලේ නැත්නම් අමෙරිකාව සහ ඉන්දියාව තුළ ඇති කොවිඩ් ඔමික්‍රෝන් තත්ත්වයට ශ්‍රී ලංකාවද පත්විය හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ද කොවිඩ් ආසාදිත බවයි වාර්තා වන්නේ. ඔහු මේ වන විට සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටිනවා.
රට තුළ ක්‍රියාත්මක වන්නේ අන්ත දූෂිත පාලනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රටේ පවත්නා දූෂණය සහමුලින්ම ඉවත් කිරීම සමගි ජනබලවේගයේ අරමුණ බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ. ඒ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට එක්වෙමින්.
තවත් කොවිඩ් ආසාදිතයින් 629ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 588,929ක් දක්වා ඉහළගොස් තිබේ.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (05) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මුලතිව් සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේ […]
නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (03) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. අද පස්වරු 5.00 ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන බව වාර්තා වෙයි.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට යළි වසා දැමෙනවා. තාවකාලිකව තෙල් පිරිහදුව වසා දැමුවද, රට තුළ ඉන්ධන හිඟයක් ඇති වන්නේ නැති බවයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගියදා ප්‍රකාශ කලේ. කෙසේ වෙතත් ඛනිජ තෙල් වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ පිරිපහදුව යළි වසා දැමීමට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ විශයභාර අමාත්‍යවරයා බවයි. අද වැසෙන තෙල් පිරිපහදුව යළි මේ මස අග වන […]
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (03) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි […]
ඔමික්‍රෝන් ප්‍රබේදය ආසාදනය වූ තවත් රෝගීන් 41 දෙනෙකු මෙරටින් තහවුරු වී තිබෙනවා. ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තුන්වන මාත්‍රාව වහා ලබා ගන්න ලෙසයි. මේ අතර එළඹෙන උත්සව සමය තීරණාත්මක බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කලේ.
සාමාන්‍යයෙන් හොරකම් කරන්නේ සහ කලේ රත්‍රං සහ මුදල් වැනි ඉහළ වටිනාකමකින් ඇති දෙයි. හැබැයි දැන් එළවලු ගොනිත් කිලෝ ගානට හොරකම් කරන කථා වාර්තා වෙන්න පටන් අරන්. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සුදු වූ එළවලු හොරකමක් පිලිබදව අප වාර්තාකරු සදහන් කරනවා.
සඟවා තිබූ ආහාර සොයා ඊයේ පිටකොටුවේ වැටලීම් කිහිපයක් සිදු කළා. ඒ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරිනුයි. මෙහිදී සඟවාගෙන තිබූ කිරිපිටි විශාල ප්‍රමාණයක් සොයාගනු ලැබුවා. එම ස්ථානයේදී ම අද පවතින මිලට එම කිරිපිටි මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබුණා.
පෞද්ගලික ජෙට් යානාවලින් සංචාරය කිරීම වෙනුවට මෙරට දරු පරපුරේ අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම වැදගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සක්වල නියමු ව්‍යාපෘතිය අරඹමින් විපක්ෂනායකවරයා මේ අදහස් පල කළා.
මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41ක් හමු වී ඇති බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ මෙරට සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 45ක් බවය.