උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු […]
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියර ජනවාරි 15 වනදා ජනතා අයිතියට පත්කෙරේ. මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.
කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 228 දෙනෙකු අද (30) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරයි. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 560,313ක් දක්වා ඉහළගොස් ඇත.
නව වසරේ ආරම්භයත් සමග ලබන මස 03 වන සඳුදා දිනයේ සිට සියලුම රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට පියවර ගෙන ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබාදී ඇති මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කරන ලෙස ද සියලු කාර්ය මණ්ඩල වෙත රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇත.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බවට පැතිර යන ප්‍රචාරය පිළිගත නොහැකි බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා. එම ප්‍රචාරය පිටුපස කුමන්ත්‍රණයක් පවතිනවාද යන්න සැකයක් මතු වන බවයි උන්වහන්සේ පවසන්නේ. මල්ලිට හයියක් වීමට අයියා තවදුරටත් සිටිය යුතු බවයි උන්වහන්සේ ප්‍රකාශ කලේ. ඒ ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
තවත් කොරෝනා ආසාදිතයින් 419ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 585,005ක් දක්වා ඉහලගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ ඊසාන දිගට වන්නට කිලෝමීටර් 300ක් ඔබ්බෙන් මුහුදේ භූ කම්පනයක් හටගෙන තිබේ. එය රිච්ටර් මාපාංක 4.3ක අගයක් ගත් බව භූ විද්‍යා හා පතල් කාර්යංශයේ සභාපති අනුර වල්පොළ මහතා පැවසීය. කෙසේ වෙතත් එමගින් සුනාමි අවදානමක් මතුව නොමැති බවද ඔහු පැවසීය.
සයිනොෆාම් එන්නත් මිලදී ගැනීමට වැය වූ ඩොලර් මිලියන 85ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟවී ඇත. ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඒ බව සඳහන් කළේය.
අපවත් වී වදාළ පුජ්‍ය බුද්ධංගල ආනන්ද මිහිපාණන් වහන්සේගේ දේහය මේ වන විට කොළඹ 7 සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ තැම්පත් කර තිබෙනවා. දේශපාලන නායකයින්, ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුලු විශාල පිරිසක් උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියා. ගිහිකළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවයේ නිරතව සිටි, හිටපු මේජර් ජෙනරාල්වරයෙකු වූ ආනන්ද වීරසේකර මහතා 2007 වසරේ […]
රට තුළ යළිත් මැලේරියාව පැතිර යාමේ අවධානමක් මතුව තිබෙනවා. අවසන් වරට මෙරටින් මැලේරිය රෝගියෙකු වාර්තා වී ඇත්තේ 2016 වසරේදී යි. පස් වසරකට පසු මැලේරියා රෝගීන් දෙදෙනෙකු යාපනයෙන් වාර්තා වී ඇති බව මැලේරිය මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න රණවීර මහතා ප්‍රකාශ කළා.
යුරෝපයේ මේ දක්වා වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ප්‍රංශයෙන් වාර්තා වී ඇත. ඊයේ (28) දිනයේ ප්‍රංශයෙන් දෛනික කොවිඩ් ආසාදිතයින් එක් ලක්ෂ 79,807 දෙනෙකු හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. උත්සවය සමය හේතුවෙන් සීඝ්‍ර ලෙස ව්‍යාප්තවන ඔමික්‍රෝන් වෛරසය ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව දේශන, විභාග ඇතුළු ඕනෑම කටයුත්තක් සඳහා අදාළ ධාරිතාවයෙන් සියයට 50ක් වන පරිදි සිසුන් විශ්වවිද්‍යාල වෙත කැඳවීමට තීරණය කර තිබේ. මෙම තීරණය අද සිට ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.