දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩවර්ජනය අද පස්වන දිනටත් ක්‍රියාත්මකයි. මේ වන විට වර්ජනය හේතුවෙන් දුම්රියෙන් ඉන්ධන ප්‍රවාහනය ද නතර වී ඇති බව වාර්තා වනවා. වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සහ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රංශය තුළ දැඩි සීමාවන් ප්‍රකාශයට පත්කර ඇත. ජනවාරි මස 03 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සීමාවන් පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව දුරස්ථව වැඩ කිරීම අනිවාර්යය කර ඇති අතර මහජන රැස්වීම් සඳහා ද සීමාවන් පැනවීමට පියවර ගෙන ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් නිවේදනයක් නිකුත් කර ඇත. එහි සඳහන්ව ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ නව අධ්‍යයන වර්ෂය 2022 ජනවාරි මස 1 වන දා ආරම්භ වන බවයි.
එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර ලබාදෙන ලෙස පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ. කෙසේ වෙතත් එලෙස පැවැත්වෙන එළිමහන් සංගීත සංදර්ශන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පැවැත්විය යුතු වෙයි.
දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු නිලධාරීන් අතර පැවති සාකච්ඡාව අසාර්ථක වී ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති, සුමේධ සෝමරත්න මහතා සඳහන් කරයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සිදු කළ කොවිඩ් ආසාදිතයින්ගේ ජාන විශ්ලේෂණ වාර්තාව මෙම සතිය අවසානයේ දී නිකුත් කරන බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. මේ අතර මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ යම් අඩුවීමක් පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
ඔස්ට්‍රේලියාවේ ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය ආසාදිත පළමු මරණය වාර්තා වී ඇත. බටහිර සිඩ්නි හි වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ (26) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 398ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 583,649ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉහල යන බඩු මිලට එරෙහිව මේ වන විට ජනතාව විදී බසින්න පටන් අරන්. අඩුයි කියන සතොසෙත් සමහර බඩු ගණන්. ගොඩක් බඩු නැහැ. මේ වෙන කොට සතොසින් එක්අයෙකුට දෙන හාල් කිලෝ 05 උත්සව සමය වෙනුවෙන් පමණක් කිලෝ 10 ක් කළ බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළා. සතොසින් ගන්න පුළුවන් සීනි කිලෝ 02 තිබුනේ නැත්නම් […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව,මධ්‍යම, දකුණු සහඌව පළාත්වල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී. හිමිදිරි උදෑසන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතී. දිවයිනේ, බොහෝ ප්‍රදේශවල රාත්‍රී සහ අලුයම කාලවලදී තරමක ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව,මධ්‍යම, උතුරු-මැද, දකුණු සහඌව පළාත්වලඋදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.
අද මධ්‍යම රාත්‍රී 12න් පසු දුම්රිය සාමාන්‍ය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ සියලු කටයුතු අත්හිටුවන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා ඒ බව සඳහන් කළේය.