නොවැම්බර් 08 වැනිදා විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස නම් කර තිබෙනවා. ඒ, ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න 50 කට පිළිතුරු දීමේ අවස්ථාව ලබාදීම සඳහායි. අද(21) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම තීරණය ගෙන තිබෙන බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කරනවා.
අත්තනගල්ල, ඌරාපොළ ප්‍රදේශයේ පිහිටි පුද්ගලික කර්මාතශාලවක විශාල ගින්නක් හට ගෙන තිබුණා. ගින්නට හේතුව සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි..
පළාත් අතර පොදු ප්‍රවාහන සේවා තවදුරටත් ක්‍රියාත්මක නොවන බව ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමේ කාලය තව දුරටත් දීර්ඝ කිරීම හේතුවෙන්. කෙසේ වෙතත් සීමා සහිතව හෝ පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.
සිසුන් 200ට අඩු ප්‍රාථමික පාසල් අද සිට ආරම්භ කර තිබෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙ ලේකම් මාහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ, ගුරු විදුහල්පති වැඩවර්ජනය ක්‍රියාත්මක වුවද ළමුන් වෙනුවෙන් අද සහ හෙට පාසල් මට්ටමින් විශේෂ වැඩසටහන් සංවිධානය කර ඇති බවයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ සොයා බැලීමට කොට්ඨාස සහ කලාප මට්ටමින් නිලධාරීන් අනියුක්ත […]
මෙරට පළමු වරට සය නිවුන් දරු උපතක් වාර්තා වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක දී අංගොඩ ප්‍රදේශයේ 31 හැවිරිදි මවක විසින් එම දරු ප්‍රසූතිය සිදුකර ඇති බවයි පැවසෙන්නේ.
අද දිනයේ යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කරන කොවිඩ් එන්නත්කරන වැඩ සටහන පිළිබද පහතින්,
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මූලික වටයේ දෙවන තරගයේ අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් ලකුණු 70කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. පළමුව පන්දුවට ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් ලබා ගත්තා. එහිදී පන්දු 47කට ලකුණු 71 රැස් කිරීමට වනිදු හසරංග සමත් වූ අතර පැතුම් […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 01.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම, සබරගමුව, බස්නාහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. නැගෙනහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං […]
දේශීය කිරිපිටි මිල ගණන් සංශෝධනයට කර තිබෙනවා. මේ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 90කින් හා කිලෝ ග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රු 225කින් මිල ඉහළ නංවා තිබෙනවා. මේ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 490කට සහ කිලෝග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1,170කට අලෙවි කෙරෙනු ඇති.
මෙරට ක්‍රියාත්මක කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ පහතින්,
කොළඹ දිස්ත්‍රික්කයේ සියලු අධ්‍යාපන කලාපවල සිසුන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමේ වැඩසටහන අද සිට ආරම්භ වනවා. මේ අනුව එම එන්නත්කරණ වැඩසටහන යටතේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින පළමුවර සහ දෙවනවර අපේක්ෂකයින් සඳහා එන්නත ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරනවා.